Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මැටියමුල්ලේ කොත් වහන්සේ නිරාවරණය 26 වන දා

කළුතර දිසාවේ පයාගල මැටියමුල්ල ශ්‍රී සුධර්මාරාමයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ පැළඳවීම හා කොත්වන්සේ නිරාවරණය කිරීම බදුගම පියතිස්ස නාහිමියන්ගේ සහ වදුරඹ සුමන හිමියන්ගේ ද අනුශාසනා පරිදි මෙම 26 වන දා සිදු කැරේ. 26 වනදා පස්වරුවේදී අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ මහානායක බලංගොඩ සිරි සුධම්මවංස මහ නාහිමියන්ගේ සුරතින් කොත්වහන්සේ නිරාවරණය කැරෙන අතර ඒ නිමිත්තෙන් දවස පුරා පින්කම් මාලාවක් සිදු කැරේ. එම අවස්ථාවන් සඳහා මහ සඟරුවන ප්‍රධාන මැති ඇමැතිවරු ද සහභාගීවීමට නියමිත ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.