Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බලගොඩ සිරිනිවාස හිමියන්ගේ ග්‍රන්ථ 2 ක් එළිදැක්වෙයි

බද්දේගම මහගොඩ කන්ද ඉසිපතනාරාමාධිකාරී ගා/ ක්‍රිස්තුදේව පිරිමි මහා විද්‍යාලයේ ආචාර්ය බද්දේගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති බද්දේගම සමථ මූල මණ්ඩලයේ උප සභාපති ශාස්ත්‍රපති බලගොඩ සිරිනිවාස හිමියන් විසින් ධර්ම ග්‍රන්ථ දෙකක් මෙම මස 29 වෙනිදා එම විහාරස්ථානයේදී එළිදැක්වීමට නියමිතය. බුදුසරණ පුවත්පතට උන්නහන්සේ විසින් ලියන ලද ලිපි එකතුවකින් සකසන ලද ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ලෙස ‘ ඉසිපතනෙන් ඇසෙන බණ’ නමැති ග්‍රන්ථය සහ බුදුදහම ඉගෙන ගන්නා දරුවන් සඳහා ‘බුදු දහමට කෙටි සටහන්’ නමැති සරල ධර්ම ග්‍රන්ථයද එදින එළි දැක්වෙයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.