Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

හඟුරන්කෙත සද්ධානන්ද හිමියන්ට දිගාසිරි පතා පින්කම්

ශාසනික , ජාතික, ආගමික මෙන්ම, විවිධ ප්‍රජා සමාජ සත්කාර සේවාවන්හි දශක හතරකට ආසන්න කාලයක් නිරතව සිටින,, තලාතුඔය , පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමය බුටාවත්ත පුරාණ විහාරද්වයාධිපති හගුරන්කෙත සද්ධානන්ද හිමියන් වෙත දිගාසිරි ප්‍රාර්ථනා කිරීම් වස් සද්ධර්මාරාමය මුල්කරගෙන ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කැරේ. පාතහේවාහැට ප්‍රාදේශීය ශාසන බල මණ්ඩලයේ ලේඛකාධිකාරි වශයෙන් වසර පහළොවක්ද, මහනුවර දිසා ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි ලෙස වසර පහක්ද සේවය කරමින් දිසාවේ දහම් පාසල් දියුණුව වෙනුවෙන් සද්ධානන්ද හිමියන් සිදුකරන ලද ධර්ම ශාස්ත්‍රීය සේවය අගය කරමින් ජයවර්ධනපුර ගුණ සමරු පදනම මගින් “ ගෞරව නාමයක්ද පිරිනමා ඇත. සද්ධානන්ද හිමියන් 1976 දී ආරම්භ කරන ලද සමාජ සත්කාර සේවාවට ද වසර තිහක් සම්පූර්ණ වී ඇත.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.