Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අගලියේ ගුණානන්ද හිමියෝ නායක පදවි ලබති

බද්දේගම මහගොඩකන්ද ඉසිපතනාරාමාධිපති අගලියේ ගුණානන්ද හිමියන්ට විනය කීර්ති ශ්‍රී ඉන්දසර ගෞරව නාමය සහිතව ගාලු ගඟබඩ පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවිය මහනුවර මල්වතු සියම් මහා නිකාය මගින් මෙම නොවැම්බර් මස 12 වෙනිදා පිරිනමන ලදී.

ඒ නිමිත්තෙන් උන්වහන්සේ පිළිගැනීමට සහ සෙත් පැතීමට පින්කම් මාලාවක් පැවැත්වීමට තත් විහාරස්ථ දායක සභාව සිසු පිරිස සංවිධානය කර ඇත.

මෙම මස 29 වනදා බද්දේගම මං සන්ධියේ සිට පෙරහැරකින් අභිනව නාහිමියන් වැඩමවා පිළිගැනීමේ උත්සව සභාව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පල්ලත්තර ශ්‍රී සුමනජෝති නාහිමියන් ගේ ප්‍රධානත්වයෙන් ඉසිපතනාරාමයේදී පැවැත්වේ. දෙසැම්බර් මස 30 වෙනිදා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය පවත්වන අතර මෙම මස 31 වනදා අර්ධ ශතාධික මහා සංඝ රත්නය විෂයෙහි පිරිනමන හීල දානමය පින්කම හා ජනවාරි මස 01 වනදා ආශීර්වාද බෝධි පූජාවක් ද පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.