Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

අනුරාධපුර ථූපාරාම චෛත්‍යය ඉදිරිපිට – මහමෙවුනා උයනේ පිහිටි “සඟමිත් සෑය” අබියස පසුගිය උඳුවප් පුන් පොහෝදින විශේෂ පූජෝත්සවයක් පැවැත්විණි. සංඝමිත්තා මාවත ගොඩගේවත්ත නන්දන සුදර්මාරාමාධිපති නුවරඑළියේ සුභාෂනී සිල් මාතාව විසින් මෙම පූජෝත්සවය සංවිධානය කරන ලදී. එම  පුණ්‍යොත්සවය පැවැති අවස්ථාව
ඡායාරූප වෝල්ටර් දයාරත්න අනුරාධපුර දිසා විශේෂ

ගම්පහ ගණේමුල්ල පහළයාගොඩ ශ්‍රී සුගතනන්දනාරාම පුරාණ විහාරස්ථානයේ දී පසුගිය දා පැවිදි කිරීමේ පුණ්‍යෙීත්සවයක් පැවැත්විණි. එහි දී පැවිදි බිමට පත් එම සාමණේරයන් වහන්සේ විහාරාධිපති යක්කඩුවේ රාහුල හිමියන් සමග ඡායාරූපයකට මුහුණ දුන් අවස්ථාව. යාගොඩ නන්දනාරාම හිමි, යාගොඩ ධම්මනන්ද හිමි, යාගොඩ පඤ්ඤාවාස හිමි, (පළමුපෙළ වමේ සිට) දැක්වෙයි. යාගොඩ ගුණරතන හිමි, යාගොඩ ධම්මාවාස හිමි, විහාරාධිපති යක්කඩුවේ රාහුල හිමි, යාගොඩ ලමිසුභ හිමි, යාගොඩ පේමරතන හිමි (දෙවන පෙළ වමේ සිට දකුණට).දැක්වෙයි. ගම්පහ මධ්‍යම සමූහ පී.ඒ. ඔලිවර් පෙරේරා

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ශාස්ත්‍රපති හබරකඩ ඉන්දරතන නාහිමියන් ඇතුළු සොයුරු සොයුරියන් 7 දෙනෙකුගේ මෑණියන් වූ ඩී.එල්.මිසිනෝනා කරුණාරත්න මාතාව තම දිවි මගේ සියවන වසරට පා තැබීම නිමිත්තෙන් පැවති සංඝගත දක්ෂිණාමය පුණ්‍යොත්සවයේදී සංඝරත්නයට අටපිරිකර පූජා කළ අයුරු මෙහි දැක්වෙයි. කරුණාරත්න මාතාව මීට වසර 30 කට පෙර පරලොව සැපත් හබරකඩ විසූ ජේ.ඩබ්ලිව්.කරුණාරත්න ලොකු මහත්මාණන්ගේ භාර්යාවයි. එම මවු පිය දෙපළ; සඟ සසුනට – යුද හමුදාවට- මෙන්ම ගුරු, ලිපිකරු හා කෘෂි ක්ෂේත්‍රවලට දූ පුතුන් දායාද කළ ශ්‍රේෂ්ඨ ගණයේ මවු පිය යුවලකි. දූදරු සැම ද මේ වන විට විශ්‍රාමික ය.

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.