Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වාද්දූවේ ධර්ම මන්දිරය විවෘත කිරීම 23 දා

වාද්දූව - ශ්‍රී මහින්දාරාමයේ අභිනව දෙමහල් ධර්ම මන්දිරය මෙම මස 23 දා පස්වරු 3.30 ට විවෘත කැරේ. 2600 සම්බුද්ධත්ව ජයන්ති උදාව නිමිත්තෙන් එම විවෘත කිරීමේ උත්සවයෙන් පසු පවත්වනු ලබන දහම් හමුව දවුල්දෙන ඤාණිස්සර මහනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කැරේ. විහාරාධිපති මොරකැටි ආරේ ධම්මික හිමියන්ගේ අනුශාසනා පරිදි විහාර කාර්ය සාධක සමිතිය යසෝදරා කුලඟන සමිතිය ඤාණරතන ධර්ම විද්‍යාලයීය ගුරු සිසු පිරිස එම පින්කම් මාලාව සංවිධානය කර ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.