Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණියේ දිනපතා දම් දෙසුම්

ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරස්ථානයේ ඓතිහාසික දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් නොවැම්බර් මස 21 වන දා ඇරැඹුනු ධර්ම දේශනා පින්කම් මාලාව දිනපතා රාත්‍රී 7 – 8 දක්වා ජනවාරි 21 වන දා දක්වා පැවැත්වේ. ඒ අනුව මෙම 9 – 14 වන දා දක්වා දිනපතා එම දම් දෙසුම් පවත්වන දේශකයන් වහන්සේ මෙසේ ය. 9 වන දා ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හෑගොඩ විපස්සි හිමි, 10 වන දා ශාස්ත්‍රපති නෙළුවා කන්දේ ඤාණානන්ද හිමි, 11 වන දා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමි, 12 වන දා කැටවල හේමාලෝක හිමි, 13 වන දා දර්ශනපති අගලකඩ සිරිසුමන හිමි, 14 වන දා ශාස්ත්‍රපති දැදිගම තිලකවංස හිමි, එම දම් දෙසුම් පවත්වති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.