Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

මාතර, පොල්හේන, අංක 82 හි පදිංචි ඩී.ඩී.අයි ධර්මකීර්ති (30) මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බව කියයි. ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බැවින් එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයකු වෙතොත් ඉහත ලිපිනයට හෝ පහත සඳහන් දුරකථන අංක වලට අමතන ලෙස ඔහුගේ ඥාතීහු ඉල්ලා සිටිති.

දුරකතන අංක - 0718081210 , 0713471294


දරුණු වකුගඩු රෝගයකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන පස්යාලේ පදිංචි සරත් මිල්ටන් අපොන්සු මහතාට ඕ පොසිටිව් වකුගඩුවක් මසක් තුළ බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇත.

‘ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට හැකියාවක් ඇති අයෙක් ඇත්නම් පහත සඳහන් දුරකථන අංකවලට අමතන ලෙස ඉල්ලීමක් කැරේ. දුරකතන අංක - 0332286640, 0777883744, 0755251749 වේ.


කුඩා වස්කඩුව, වලව්වත්ත, බණ්ඩාරගම පාර ලිපිනයේ පදිංචි ඒ.හේමසිරි සිල්වා (52) හෘද රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඉක්මනින් ශල්‍ය කර්මයක් කළ යුතු බව කොළඹ පෞද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරු නිර්දේශයවී ඇත. ඒ සඳහා විශාල මුදලක් වැයවන අතර එම මුදල සපයා ගැනීමට සහයෝගය අපේක්‍ෂා කෙරේ. ඔහුගේ බිරිඳද රැකියාවක් නොකරන බවත් දරු දෙදෙනාද පාසල් වියේ පසුවන බවත් ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති ඔහු එදිනෙදා ජීවිකාව කරගන්නේ ද ඉතා අපහසුවෙන් බවත් කියයි. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා වාද්දුව මහජන බැංකුවේ ඔහුගේ නමින් අරඹා ඇති ගිණුම් අංක 262-2-001-1-3053536 දරන ගිණුමට මුදල් පරිත්‍යාග එවන ලෙස ඉල්ලීමක් කෙරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.