Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බොරැල්ලේ සගමිත් පෙරහර 19 දා

කොළඹ දිස්ත්‍රික් සිල්මාතා සංගමය හා බොරැල්ල ලෙස්ලි රණගල මාවත ශාන්තාරාමය ශ්‍රී සංඝමිත්තා කුළඟන සමිතිය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ශ්‍රී සංඝමිත්තා මහ රහත් තෙරණියකගේ සැමරුම් උත්සවය දෙසැම්බර් මස 19 වනදා කොළඹ ළමා රෝහලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී සංඝමිත්තා තෙරණියගේ ගුණ සැමරීමත් 2006 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමත් නිමිත්තෙන් පවත්වනු ලබන එම උත්සවයට ශ්‍රී සංඝමිත්තා මහ රහත් තෙරණියගේ පිළිරුව පෙරටු කරගත් දසසිල් මාතාවන් ප්‍රමුඛ පෙරහර දවල් ශාන්තාරාමයෙන් ගමන් අරඹා වීථි සංචාරය කොට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පැමිණෙනු ඇත. සවස් භාගයේ සියලුම නේවාසික දරු දැරියන් ඇතුළු කාර්ය මණ්ඩලය වෙත සෙත්පතා බෝධි පූජාමය පින්කමක් සහ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක්ද පවත්වනු ලැබේ.

පසුදින (20) නේවාසික රෝගීන් 800 කට තේ පැන් සංග්‍රහයක් ලබාදී පළතුරු සහිත ආහාර පාර්සලයක් ලබාදීමටද සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.