Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

කැලණිය බියගම පාර, කෝපියා වත්ත, අංක 2/590 දරන නිවසේ පදිංචි, ඒ.එම්.ඒ.බී. අමරකෝන් මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහු සුවකර ගැනීම උදෙසා වකුගඩු සැත්කමක් සිදුකළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ වෛද්‍යවරු විසින් නිර්දේශ කර ඇත. හතළිස් තුන්වැනි වියේ පසුවන අමරකෝන් මහතා පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සිවු දෙනකුගේ පියෙකි. මෙම සැත්කම සඳහා “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් හා මූල්‍යමය ආධාර අවශ්‍යව ඇතැයි කියති. මූල්‍යමය ආධාර ලබාදිය හැකි අය කැලණිය මහජන බැංකුවේ 055 – 2 001 – 0 – 0594048 අංකයට මුදල් පරිත්‍යාග ලබාදෙන ලෙසද වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලී අයෙක් වෙතොත් 071 – 9205148 යන දුරකථන අංකයට අමතන ලෙසද ඉල්ලීමක් කැරේ.


දෙහිවල, නැදිමාල පැපිලියාන පාරේ, අංක 10 A 1/1 ලිපිනයේ පදිංචි එම්.කුමාරතුංග පීරිස් මහතාට ඕ.පොසිටිව් වර්ගයේ වකුගඩුවක් වහාම බද්ධ කළ යුතුව ඇතැයි වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇත.

ඒ සඳහා ඉදිරිපත් වීමට කැමති පින්වතුන් වෙත් නම් ඉහත ලිපිනයට හෝ 0112723152 /0773614484 යන දුරකතන අංකයන්ට අමතන ලෙස ඔහුගේ පවුලේ සාමාජිකයෝ ඉල්ලීමක් කරති.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.