Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සහතික ප්‍රදානය 6 දා

කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථාන චිත්තාහ්‍යාස සිංහල, ඉංගී‍්‍රසි මාධ්‍ය දහම් පාසලේ, ත්‍රිපිටක ධර්ම/විවිධ වෘත්තීය/ අධ්‍යාපන අංශවල වාර්ෂික සහතික හා ත්‍යාග ප්‍රදානෝත්සවය දෙසැම්බර් 06 වෙනි ඉරිදා දින පෙරවරු 10.00 ට එම මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහෝපාධ්‍යාය අග්ගමහා සද්ධම්ම ජ්‍යොතිකධජ ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කැලණිය ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී වටරුක ශ්‍රී අනුරුද්ධ මධුරභාණී ධර්මකීර්ති ශ්‍රී සිනාදී සිව්කෝරළයේ විශ්‍රේෂාධිකරණ සමථබල සම්පන්න උප ප්‍රධාන සංඝනායක ස්වාමීන්වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.