Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගංගොඩවිල සෝම හිමි ගුණ සමරු සීල සමාදාන පින්කම වජිරාරාමයේ දී

අපවත් වී වදාළ ගංගොඩවිල සෝම සමිඳුන්ගේ 06 වන ගුණානුස්මරණය නිමිත්තෙන් උඳුවප් පුර පසළොස්වක පොහොය දින උන්වහන්සේ විසින් අප රටට, දැයට සමයට සිදු කරන ලද අමිල මෙහෙයට කෘත ගුණ සැලකීම, උපහාර දැක්වීම සහ පුණ්‍යානුමෝදනා කිරීම සඳහා පැවැත්වෙන, ගංගොඩවිල සෝම සමිඳු ගුණානුස්මරණ සීල සමාදානමය පුණ්‍යොත්සවයේ වැඩසටහන මෙසේ ය.

ලංකා බැංකුවේ එක්සත් බෞද්ධ සංගමය, වජිරාරාම විහාරස්ථ දායක සභාව, ගංගොඩවිල සෝම සමිඳු ගුණ සමරු පදනම මගින් බම්බලපිටිය වජිරාරාමයේ දී පැවැත්වීමට එය සංවිධානය කර ඇත.

පෝදා පෙරවරු 06.00 – 07.00 සිල් සමාදන් කරවීම සහ අනුශාසනාව වජිරාරාමාධිපති ත්‍රිකුණාමලයේ ආනන්ද අනු නාහිමි, 07.00 – 07.15 බුද්ධ පූජාව පැවැත්වීම, වජිරාරාමවාසී වත්තේගම නිපුණ හිමි, 08.00 – 09.00 ‘යතිවර වගකීම’ ධර්මානුශාසනාව , කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අගලකඩ සිරි සුමන හිමි, 09.00 – 10.00 විශේෂ ගුණ සමරු දෙසුම හා ධර්මානුශාසනාව අග්ගමහා පණ්ඩිත වැලිගම ඥාණරතන මහනාහිමි, 10.15 – 11.15 ‘සෝම හාමුදුරුවෝ’ යන මැයෙන් දේශනය මනෝ වෛද්‍ය විශේෂඥ ඩී.වී.ජේ.හරිශ්චන්ද්‍ර මහතා 11.15. – 11.30 බුද්ධ පූජාව, වත්තේගම නිපුණ හිමි, පස්වරු 12.30 – 01.30 සෝම සමිඳුන්ගේ පටිගත කරන ලද ධර්ම දේශනය 01.30 – 2.45 දම්සක් පැවැතුම් සූත්‍ර සජ්ඣායනය බෞද්ධාලෝක මාවතේ නාරද මධ්‍යස්ථානවාසී රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි, 02.45 – 3.45 දෙසුම, රට දැය සමය පිළිබඳ සෝම සමිඳු දර්ශනය සහ අපේ වගකීම්, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා, 4 .00 – 5.00 ධර්ම දේශනය, මොරටුව කවිධජ භාවනා මධ්‍යස්ථානාධිපති දොඩම්ගොඩ අස්සජි නාහිමි, 5.00 – 5.45 ධර්ම දේශනය මහරගම සිරි වජිරඤාණ ධර්මායතනවාසී ගබ්බෙල වජිර හිමි, 5.45 – 6.30 සෝම සමිඳුන් විසින් අපගේ රටට, ජාතියට හා ආගමට ඉටු කරන ලද අසීමිත වූ හා අමිල වූ මෙහෙයට උපහාර පිණිස, කෘතගුණ දැක්වීම පිණිස සහ පුණ්‍යානුමෝදනා පිණිස බෝධි පූජාව පැවැත්වීම, සිල් අලුත් කිරීම, සිල් පවාරණය හා වැඩසටහනේ නිමාව, කොළඹ බෞද්ධාලෝක මාවතේ අතුල දස්සනාරාමාධිපති බොරැල්ලේ අතුල නාහිමියන් සහ කඹුරුගමුවේ මහ නාග හිමි. මෙදින සෝම හිමියන් විසින් රචිත සහ දේශිත ධර්ම පුස්තක හා උන්වහන්සේ විසින් රචිත ගීත ඇතුළත් සංයුක්ත තැටි ද ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.