Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස දී උඳුවප් පෝදා දවස පුරා පින්කම්

අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි නාවලපිටිය සත්‍යාලෝක පුන්‍යායතනය මෙහෙයවන උඳුවප් පොහොය මහා පින්කම් මාලාව උඳුවප්පෝදා සහ පසුදා ද පැවැත්වේ.

උඳුවප් පෝදා පෙරවරු 6.30 ට කිරි ආහාර බුද්ධ පූජාවද පෙරවරු 7ට පෙහෙවස් සමාදානයද පැවැත්වේ.

පෙරවරු 8ට ධර්ම දේශනාව අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍ය වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි 9.15 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම ස්වර්ණමාලි චෛත්‍යරාමාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමි, පෙරවරු 11.30 ගරුතර මහ සඟරුවන උදෙසා දානය පිරිනැමීම සිදු කැරේ.

සිල්මෑණිවරු ඇතුළු උපාසක උපාසිකාවන් වෙත දානය පිරිනැමේ. පස්වරු 4ට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස සිට ගුවන් විදුලි ධර්ම දේශනාව උතුරු මධ්‍යම දෙදිසාවේ නුවර ගම් පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක අනුරාධපුර සම්බුද්ධ ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමි 6.30 මහා බෝධි පූජා පින්කම ද රාත්‍රී 9ට පිරිත් ධර්ම දේශනාවද 2 වන දා පෙරවරු 8 ට බුද්ධපූජා පින්කම සහ මහ සඟරුවන උදෙසා හීල දානය පිරිනැමීමද සිදු කැරේ. පෙරවරු 10.30 බුද්ධ පූජාවද 11 සංඝගත දක්ෂිනාවද සිදු කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.