Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නව වසරට සෙත් පතා පවත්වන රතන සූත්‍ර දේශනාව

කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ ශාන්ති පදනමේ ගරු අනුශාසක පූජ්‍ය කොටපොල අමරකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට ආශීර්වාද ප්‍රාර්ථනා කරමින් දෙසැම්බර් 23 දින සිට, එළඹෙන 2010 වසරේ ජනවාරි 01 වන දින අළුයම දක්වා නොකඩවා දින 09ක් තුල හය වන වරටත් රතන සූත්‍ර පිරිත් දේශනා පින්කම පැවැත්වීමට කටයුතු යොදා ඇත. පිරිත් පින්කම පැවැත්වෙන සෑම දිනකම රාත්‍රි 7.00 ට, විශේෂ බුද්ධ පූජා පින්කමක්ද පැවැත්වේ.

2010 ජනවාරි මස 01 දින උදේ 6.00 ට විශේෂ ආශීර්වාද පූජාවක් සහ සෙත් පිරිත් දේශනාවක් පවත්වා සමස්ත රටවාසී ජනතාවට මෙන්ම රජයටත් සෙත් පැතීමෙන් අනතුරුව පින්කම නිමාවට පත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.