Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඉඹුල්ගොඩ ඉන්දරතන නා හිමි ගුණ සමරුව

උහුමීය, මඩවල ශ්‍රී ශෛලබිම්බ උපොසථාරාමය මැදගම ශ්‍රී වාළුකාරාමය, බමුණුගෙදර ජයවර්ධනාරාමය යන විහාරයන්හි ආධිපත්‍ය හොබවමින් සිට අපවත්වී වදාළ වයඹ දිසාවේ උපප්‍රධාන සංඝනායක ත්‍රිපිටක වාගීස්වර ශ්‍රී රතනජොත්‍යාභිධාන ඉඹුල්ගොඩ ඉන්ද්‍රරතන නාහිමියන්ගේ පස්වන ගුණ සමරුව නිමිත්තෙන් කුලදරුවෙකු සසුන්ගත කිරීම සහ 25 නමකට අධික මහා සංඝරත්නය විෂයෙහි පිරිනැමෙන සංඝගත දක්‍ෂිණාව පිරිනැමීම නොවැම්බර් මස 28 දින සිදුකෙරේ. මෙම 27 වනදා බෝධිපූජා පින්කම හා ආශීර්වාද පතා සෙත් පිරිත් දේශනාවක්ද පැවැත්වේ. වීරඹුගෙදර ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී බුළුපිටිය ශ්‍රී ධම්මපාල මහ පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති සැවැන්දන පේමරතන හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරෙන එම ගුණසමරු පින්කමට මඩවල විහාරස්ථ දායක සභාව විශාඛා කුලගන සමිතියසරණ සුබ සාධක සමිතිය තරුණ බොදු පදනම පූර්‍ණ දායකත්වය ලබාදෙයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.