Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සියඹලාගොඩ පඤ්ඤාතිස්ස නා හිමියන්ට දිගාසිරි පතා පින්කම්

අකුරැස්ස සියඹලාගොඩ ශ්‍රී නිත්තමළුව පුරාණ විහාරාධිපති විශ්‍රාමික පරිවේණාධිපති ප්‍රවීණාචාර්ය පණ්ඩිත මහෝපාධ්‍යාය සියඹලාගොඩ පඤ්ඤාතිස්සාභිධාන මාතර පළාතේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අනූදෙවැනි වියට පා තැබීම නිමිති කොට ශිෂ්‍ය පිරිස සහ දායක සභාව විසින් පුණ්‍යෙීත්සව කිහිපයක්ම සංවිධානය කොට ඇත.

ප්‍රදේශයේ සුබ සිද්ධිය සඳහාත්, දැන උගත් ගිහි පැවිදි විශාල සිසු පිරිසක් බිහි කිරීම පිණිසත් මහත් වෙහෙසක් ගෙන කටයුතු කරමින් කීර්තිමත් පැවිදි ජීවිතයක් ගත කරන පඤ්ඤාතිස්ස නා හිමිපාණන්ට නිරෝගී සැපත හා චිරජීවනය පතා සංවිධානය කොට ඇති පින්කම් මාලාවට අනුව නොවැ. 21 හා 22 යන දිනයන්හි පස්වරු 6.30 ට බෝධිපූජාවන් පවත්වා අනතුරුව ධර්ම දේශනාවන් සිදු කිරීමට නියමිතව තිබිණි. 23 දින පැවැත්වෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනාවෙන් පසු 24 දවල් සඟ සතු මහා දානයක් පිරි නැමේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.