Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණියේ දුරුතු පුණ්‍යෝත්සවයට කැලණි රාජ මහා විහාරයේ දී දිනපතා දම් දෙසුම්

කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යානි රාජ මහා විහාරයේ ඓතිහාසික දුරුතු මහා පූජෝත්සවය නොවැම්බර් මස 21 දා ඇරැඹුණු අතර 2010 ජනවාරි 28 වන දා දක්වා එය පැවැත්වේ.

ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි එම පූජෝත්සවය සිදු කැරේ.

නොවැම්බර් 21 වනදා සිට 2010 ජනවාරි 21 වනදා දක්වා දිනපතා රාත්‍රී 7 -8 දක්වා ධර්ම දේශනා පින්කම් මාලාවද ජනවාරි 22 වනදා සිට 25 වනදා දක්වා පරිත්‍රාණ ධර්ම දේශනාවද පැවැත්වේ.

ජනවාරි 26 වනදා රාත්‍රී 8.30 උඩමළුවේ පෙරහරද ජනවාරි 27 වනදා රාත්‍රී 8.30 ට උඩමළුවේ දෙවැනි වීථි පෙරහරද ජනවාරි 28 වනදා රාත්‍රී 8.30 ට මහා පෙරහරද පැවැත්වේ.

නොවැම්බර් 21 වනදා සිට 30 දක්වා දිනපතා ධර්ම දේශනා පවත්වනු ලබන දේශකයන් වහන්සේ මෙසේය.

නොවැම්බර් 21 වනදා කැලණි විශ්වවිද්‍යාලයේ කුලපති විද්‍යාලංකාර පරිවේණාධිපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, 22 වනදා උයන්වත්තේ ඤාණාලෝක නාහිමි 23 වනදා පදලංගල ධම්මදේව හිමි 24 වනදා විද්‍යෝදය පරිවේණාධිපති දර්ශනපති බළන්ගොඩ සෝභිත නාහිමි 25 වනදා ආචාර්ය නාබිරිත්තන්කඩවර ඤාණරතන නාහිමි 26 වනදා ශාස්ත්‍රපති කිහිඹියේ විජිත නාහිමි, 27 වනදා පණ්ඩිත කොටුවිල විමලකිත්ති නාහිමි, 28 වනදා ශාස්ත්‍රපති මාදුළුවාවේ සෝභිත හිමි, 29 වනදා කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර අනු නාහිමි, 30 වනදා ශාස්ත්‍රපති බෙලිගල අමරසිරි හිමි යන හිමිවරු ඒ ඒ දිනයන්හි දහම් දෙසුම් පවත්වති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.