UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කිත් පැසසුම් ලබන මඟ

සම්බුද්ධ දේශනාවට අනුව ලොව වසන්නාවූ සත්වයාට ලාභ, අලාභ මෙන්ම කීර්ති ,අපකීර්ති ද හිමි වේ. ඒ අටලෝ දහමට අනුවය. “ ලාභෝ අලාභෝ , අයසො, යසොච” යනුවෙන් දැක්වෙනුයේ එයයි.

සමස්ත ලොවටම සම්මතව ඇත්තේ එකම එක සඳක් පමණි. එම සඳ මේ ලොවම එකසේ ආලෝකවත් කරන්නේ ලොවින් කිසිදු ලාභයක් හෝ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් නොවේ. එමෙන්ම කිසදු අමනාපයකින් තොරව ඒ සඳ ආලෝකය සපයයි. එම ආලෝකයේ වින්දනය ලබන ඕනෑම සත්වයෙක් සඳට අවලාද කරන්නේ ද නොවේ. ආලෝකය ලබන සත්වයා සොඳුරු සඳට ප්‍රශංසා කරන්නේය.

අවංක ලෙස ප්‍රයෝජන ලාභ සත්කාර පිළිබඳ බලාපොරොත්තු රහිත සිතින් සේවය කරන ඕනෑම අයෙකු ලෝක සත්වයාගේ කීර්තියට නිතැතින් ලක් වන බව ඉන් ගම්‍ය වන්නකි.

එමෙන්ම ගෞරව කීර්ති ලැබීමට රඟ දැක්විය යුතු නොවේ. අවංක සිතින් තම කාර්ය භාර්ය නිසි ආකාරයෙන් ඉටු කිරීම ඊට ප්‍රමාණවත් වන බව පෙනේ. ආලෝකය දැකීමට අවශ්‍ය වූ විට පහනක් දැකීම පමණක් ප්‍රමාණවත් නොවේ.

එම පහන සැබෑවට දැල්විය යුතු වේ. එවිට අවශ්‍ය ආලෝකය ලැබේ. එසේ නම් පහනේ ආලෝකය ලැබීමට සැබෑ ගින්නෙන් දැල්විය යුතුවාසේ, ඔබට ලොව නමැති පහනින් ආලෝකය ලැබීමට නම් ඔබෙන් සමාජයට අවශ්‍ය කරන සැබෑම දෙය දිය යුතුවේ. එවිට සමාජය නමැති පහනින් ඔබට සැබෑම ආලෝකය ලැබේ.

ඔබේ කාර්ය නිසි ආකාරයෙන් ඉටුකරන්න. එවිට ඔබට අමුතුවෙන් ලාභ ප්‍රශංසා අපේක්ෂා කිරීමට අවශ්‍ය නොවේ.

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය නොවැම්බර් 16 වනදා සඳුදා පූර්ව භාග 00.52 ට ලබයි.
17 වනදා අඟහරුවාදා පූර්ව භාග 00.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 16 වනදා සෙනසුරාදා ය.
මීළඟ පෝය නොවැම්බර් 24 වනදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 16

First Quarterපුර අටවක

නොවැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 01

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]