UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති ඩබ්ලිව්. එම්. සෙනෙවිරත්න මහතාගේ මෙහෙයවීමෙන් තෙල්අවිව් නුවර එරට වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ පුණ්‍යෙීත්සවයක් පැවැත් විණි. ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් වැඩම කළ අන්තර්ජාතික විහාර පදනමේ අධ්‍යක්ෂ දෙහිවල නව පොළොන්නරු ගල් විහාරාධිපති ආචාර්ය කණුමුල්දෙණියේ ශ්‍රී ධර්මාශෝක නා හිමි, මල්වතු විහාරවාසී දෙහිදෙණියේ රතනසාර නා හිමි,රාජගිරියේ ධර්මාශ්‍රමාධිපති පල්ලේගම ආයුපාල හිමි සහ ඊශ්‍රායෙල් ජාතික ඔෆ්පර් අඩි යන හිමිවරු පැමිණ සිටි පිරිස සම¼ග ඡායාරූපයකට මුහුණ දුන් අයුරු මෙහි දැක්වේ.

හිටපු කෘෂිකර්ම හා ඉඩම් ඇමැති දිවංගත හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ 26 වන ගුණ සමරුව නිමිත්තෙන් පිළිමතලාව ඌරාපොල අභයරාජ පිරිවෙන් ශාලාවේ දී මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනු නාහිමියන් විසින් ධර්ම දේශනයක් පවත්වන ලද අවස්ථාව, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඇතුළු යටිනුවර ප්‍රදේශයේ පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ. ඡායාරූපය – උදේනි රාජපක්‍ෂ

අනුරාධපුර ස්වර්ණමාලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන හිමියන්ගේ අවසරයෙන් පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් සංවිධානය කළ රුවන්මැලි මහ සෑය අබියස ආශීර්වාද පූජාවට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් සහ මහා සංඝරත්නය පෙරහරින් වැඩම කරවූ අවස්ථාව. පළාත් සමාජ සේවා ඇමැති පේෂල ජයරත්න මහතා ප්‍රධාන සංවිධායකවරු සහ මහ සෑයේ සලපතල මළුවට එක්ව සිටි දහස් සංඛ්‍යාත බැතිමතුන්ගෙන් කොටසක් මෙහි දැක්වේ.
ඡායාරූප - වෝල්ටර් දයාරත්න අනුරාධපුර දිසා විශේෂ

පිළියන්දල ධර්මරාජ මහා විද්‍යාලයේ ආචාර්ය බී. ඩබ්ලිව්. වීරරත්න මහතා විසින් රචිත ‘බුද්ධ ධර්මය පෙරහුරු ප්‍රශ්නෝත්තර සංග්‍රහය’ දොරට වැඩීමේ උත්සවයක් පසුගියදා එම විද්‍යාලයේදී පැවැත්විණි. එහිදී එම ග්‍රන්ථය වීරරත්න මහතා මහ සඟරුවන වෙත පිළිගැන්වූ අයුරු.

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය නොවැම්බර් 16 වනදා සඳුදා පූර්ව භාග 00.52 ට ලබයි.
17 වනදා අඟහරුවාදා පූර්ව භාග 00.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 16 වනදා සෙනසුරාදා ය.
මීළඟ පෝය නොවැම්බර් 24 වනදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 16

First Quarterපුර අටවක

නොවැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 01

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]