Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

කටුගස්තොට බලනගල පාරේ ලක්සිරි නිවසේ පදිංචි එච්.එම්. ධනුෂ්ක ගයාන් බණ්ඩාර (24) මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බව කියයි. මහනුවර රෝහලේ ඒ සම්බන්ධ වෛද්‍යවරු පවසන්නේ ඔහුට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් හැකි ඉක්මනින් බද්ධ කළ යුතු බවයි. වකුගඩුවක් ලබාදීමට කැමැති අයකු වෙතොත් ඉහත ලිපිනයට හෝ දුරකථන අංක 0812498242 වෙත දන්වන ලෙස ඔහුගේ පියා වන එච්.එම්. තිලකරත්න මහතා ඉල්ලීමක් කරයි.


නො : 317/ඒ , මහවත්ත පටුමඟ , හිඹුටානේ පදිංචි අවුරුදු 59 වයසැති එම්.ඒ. සෝමසිරි මහතා දරුණු වකුගඩු ආබාධයකින් පසු වන බව කියයි. ඔහුගේ ජීවිතය බේරාගැනීමට වකුගඩුවක් බද්ධ කළ යුතු බවට ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා නිර්දේශ කර ඇතැයි ද කියති. එබැවින් මෙම රෝගියාට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බැවින් එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයකු (අවු22-අවු 55 ) වෙතොත් පහත දුරකථන අංකයට අමතන ලෙස ඉල්ලීමක් කැරේ. දුරකථන අංකය -0112568855


අම්බලන්තොට , ගැමුණුපුර , බරවකුඹුක පදිංචි හැට දෙ හැවිරිදි එස්.අබේසිංහ හට වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍යව ඇති බව කියයි. ඒ සදහා ඕනෑම වර්ගයක වකුගඩුවක් ගැළපෙන බව විශේෂඥ වෛද්‍යවරයා නිර්දේශ කර තිබේ. වකුගඩු පරිත්‍යාගශීලියකු වෙත්නම් පහත දැක්වෙන දුරකථන අංකයන්ට දැනුම් දෙන ලෙස ඔහුගේ ඥාතීහු ඉල්ලා සිටිති. දුරකථන අංක:- 047 3482033 / 071 546 1865


නුගේගොඩ උඩහමුල්ලේ පාසල් පෙදෙසේ අංක 68/35 දරණ නිවසේ පදිංචි නිහාල් ගුණතුංග ඩයස් මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙලෙන බව කියයි. ඔහුට බද්ධ කිරීම සඳහා ‘ඒ පොසිටිව්’ රුධිර ගණයට ගැලපෙන වකුගඩුවක් අවශ්‍යව ඇති බැවින් ඒ සඳහා පරිත්‍යාගශීලි විය හැකි ස්වාමීන් වහන්සේ නමක් හෝ ගිහි අයෙක් ඉදිරිපත් වන මෙන් ඉල්ලීමක් කැරේ. මේ සඳහා විශාල මුදලක් වැයවන බවත් ඒ සඳහා ආධාර කළ හැකි නම්, නුගේගොඩ - සම්පත් බැංකුවේ අංක 100350418738 දරණ ගිණුමට ආධාර යොමු කළ හැකි බවත් කියයි. දුරකතන අංකය - 0112834636, 3168206 වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.