Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධ පොතක් සහ යුගාසන කවි බණ සංයුක්ත තැටියක් ජර්මනියේ දී දොරට වඩී

ඩෙන්මාර්කයේ කෝපන්හේගන් බෞද්ධ විහාරාධිපති, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ජර්මන් ආයතනයේ කථිකාචාර්ය කිරිඳිගල්ලේ ඤාණරතන හිමියන් විසින් රචිත බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රඥා මහිමය ජන සමාජයේ ප්‍රගමනයට කෙතෙක් දුරට ඉවහල් වන්නේ දැයි තේමාව කොට ගනිමින් මෝහන්ධකාර වනසා නම් කෘතිය ජර්මනියේ හැම්බර්ග් නුවර දී හම්බර්ග් බෞද්ධ විහාරස්ථ කඨින පූජෝත්සවය දා දොරට වැඩියහ.

එමෙන්ම කිරිඳිගල්ලේ ඤාණරතන හිමියන් සමග පූජ්‍ය සන්නස්ගම බුද්ධපි‍්‍රය හිමියන් විසින් දේශනා කරන ලද අපණ්ණක ජාතක කතාව පදනම් කරගත් යුගාසන කවි බණ සංයුත්ත තැටියද එදිනම එළි දැක්විණි.

එම කෘතිය හා සංයුත්ත කවි බණ තැටිය ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ ජර්මන් ආයතනයේ අධ්‍යක්ෂ, ගුටන්බර්ග් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය රත්මලේ පුඤ්ඤරතන හිමියන් වෙත ‘පිළිගැන්වීමට නියමිතව තිබිණි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.