Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ස්වර්ණ ප්‍රතිමා වහන්සේ රැගත් පෙරහරක් සහ මෙත් බෝසත් විවරණ පූජාවක් ද ඇතුළු පින්කම් මාලාවක් දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයේදී


මෙත් බෝසත් ප්‍රතිමා වහන්සේ

මතු බුදුවන උතුම් මෛත්‍රීය බෝධිසත්වයන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබාගැනීම සිහිපත් කරවන ස්වර්ණ ප්‍රතිමා වහන්සේ රැගත් පෙරහරක් සහ මෙත් බෝසත් විවරණ පූජාවක් ද ඇතුළු පින්කම් මාලාවක් දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයේදී ඉකුත් ඉල් පෝදා පැවැත්විණි.


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිරි සදහම් ආශ්‍රමයේදී...

එම ආශ්‍රමයේ අධිපති පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරුණු එම පින්කම් මාලාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා,ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ මැති ඇමැතිවරුද සහභාගි වූහ.

පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ද, කම්කරු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද එම පින්කම් මාලාවට සහභාගි වූහ.

 


ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය පින්කම් මාලාවට සහභාගි වෙමින්

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.