Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

බිංගන්තලාව කඳපොළ පදිංචි ආශා මදුශානි රාජපක්‍ෂ (19) මෙනවිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඇගේ ජීවිතය බේරාගැනීම සඳහා හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර මහතා නිර්දේශ කර ඇත. පාසල් සිසුවියක වන ඇයගේ ජීවිතය බේරා ගැනීමට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට ඇගේ ඥාතියෙකු ඉදිරිපත්ව සිටී. මේ සඳහා අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට විශාල මුදලක් වැය වන අතර එම මුදල සොයා ගැනීම ඇගේ මව්පියන්ට බෙහෙවින් දුෂ්කර බව කියයි. ඒ සඳහා උපකාර කිරීමට කැමති අයෙකු වෙත්නම් මහනුවර මහජන බැංකුවේ ඇය වෙනුවෙන් පවත්වාගෙන යන 003 -2 - 001 -4 -0013916 දරන ගිණුමට ආධාර ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති. නැතහොත් 0715510363 හෝ 0523525625 දුරකතන අංකවලට දැනුම් දෙන්නැයිද ඉල්ලීමක් කැරේ.

 


කුලියාපිටිය, මඟුලාගම පදිංචි, අවුරුදු 42 ක් වයසැති, කුමුදුනී සීතාකුමාරි දැනට වසර දෙකකට වඩා වැඩි කාලයක් දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. මහනුවර මහරෝහලේ දී දැනට ලේ පිරිසුදු කිරීමේ, කාර්යය සතියට දෙවරක් කරගෙන යනු ලබන බවද කියයි.

ඇයට ඉතා ඉක්මනින් (ඒ පොසිටිව්) වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව, වෛද්‍යවරු නිර්දේශ කර ඇතැයි කියති. ඇයට වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයකු හෝ හිමිනමක් වෙත්නම්, පහත දුරකතනය මඟින් විමසන මෙන් ඉල්ලීමක් කැරේ. දුරකථන අංක - 037 - 5718558 වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.