Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘යතිවර ප්‍රතිභා’ හෝමාගම දී

කොළඹ දිස්ත්‍රික්කයේ පිරිවෙන් 43 ක ඉගෙනුම ලබන භික්ෂූන් වහන්සේ සහභාගී වන ‘යතිවර ප්‍රතිභා’ නම් වූ අධ්‍යාපනික හා සංස්කෘතික ප්‍රදර්ශනයක් නොවැම්බර් 11, 12, 13 තෙදින තුළදී හෝමාගම සිරි සුගතබිම්බාරාම විහාරස්ථානයේදී පවත්වාලීමට දිස්ත්‍රික් පරිවෙනාධිපති සංගමය කටයුතු සංවිධානය කරයි. වැඩසටහන නිමිත්තෙන් පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරගයක්ද, කුසලතා අගැයීමක්ද, තිළිණ ප්‍රදානයක් ද සිදුකෙරේ. ‘බුදුසසුනේ චිරස්තිථිය උදෙසා බහුශ්‍රැත විනයධර සඟ පරපුරක්’ තේමාව යටතේ මෙය සංවිධානය කර ඇතැයි ද විහාරාධිපති පානළුවේ පඤ්ඤාරාම හිමියෝ කීහ. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනයන්ද වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරුද මෙයට දායකත්වය දක්වති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.