Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී දළදා මාලිගාවේ කාර්තික මංගල්‍යය ඉල් පුරපෝදා

ශ්‍රී දළදා මාලිගාවේ කාර්තික මංගල්‍යය ඉල් පුර පසළොස්වක පෝය දින පැවැත්වේ. මෙදින සවස කාර්තික මංගල්‍ය පෙරහර ශ්‍රී දළදා මාළිගාවෙන් පිටත්ව මාළිගාචතුරශ්‍රයේ සංචාරය කර ශ්‍රී දළදා මාළිගාවේ මහ වහල්කඩ අබියසින් ගෙවදී. මෙදිනට දල්වනු ලබන පහන් සඳහා තෙල් විහාර දේවාලවලට කාර්තික මංග්‍යයට පෙර දින ශ්‍රී නාථ දේවාල භූමියේ දී බෙදා දෙනු ඇත. නරේන්ද්‍රසිංහ රජතුමා කළ පටන් පවත්වාගෙන එනු ලබන එම කාර්තික මංගල්‍ය ශ්‍රී දළදා සමිදු උදෙසා වර්ෂයේ අග පවත්වනු ලබන වසරේ අවසාන මංගල්‍යවේ.නානුමුර මංගල්‍ය, අලුත්සහල් මංගල්‍ය, අලුත් අවුරුදු මංගල්‍ය, පෙරහර මංගල්‍ය සෙසු මංගල්‍යයන් වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.