Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මාතර බෝධි ආරක්ෂක සභාවෙන් සෙනසුරාදා සෙත් පිරිත්

මාතර බෝධි ආරක්‍ෂක සභාවේ මෙහෙය වීමෙන්, මාතර ඓතිහාසික බෝසමිඳුන් අබියසදී සතියේ සෑම සෙනසුරාදා දිනකම පස්වරු 4.30 සිට 5.30 දක්වා මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සංජ්¼ඣායනා පවත්වනු ලැබේ.මාතර බෝධි ආරක්‍ෂක සභාව පිහිටුවා වසර 47 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සමස්ත ලංකා වාසීන්ටත්, රට සුරකින ආරක්‍ෂක සේනාංක වලටත් සෙත්පතා පවත්වන එම සෙත් පිරිත් සජ්ඣායනාව අවසානයේ එම අවස්ථාවට සහභාගි වූ සැදැහැවතුන්ට පිරිත් පැන් සහ පිරිත් නූල් ලබා දීමටද බෝධි ආරක්‍ෂක සභාව කටයුතු යොදා ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.