Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නාවින්නේ සුගුණධම්ම හිමියන්ගේ 60 වන ජන්ම සමරුවට පින්කම්

කැලණිය විද්‍යාලංකාර මහ පිරිවෙනේ උප පරිවෙනාධිපති නාවින්නේ සුගුණධම්ම හිමියන්ගේ 60 වන ජන්ම දිනය නිමිත්තෙන් කැලණිය ගෝනවල ශ්‍රී වර්ධනාරාමයේ වාර්ෂික කඨින පින්කමට සමගාමීව පින්කම් රැසක් පැවැත්වේ. ඔක්තෝබර් 22 සිට 30 දක්වා දිනපතා ප.ව.7.00 ට පන්නල ඤාණාලෝක හිමි, දරණගම කුසලධම්ම හිමි, මිරිස්සේ ධම්මික හිමි, වහුමූවේ විජයවංශ නාහිමි, මැදගොඩ අභය තිස්ස හිමි, දොඩංදූවේ සිරිකර නාහිමි, දොඩංගොඩ අස්සජි නාහිමි, මාවරලේ භද්දිය හිමි හා පයාගල නන්ද හිමි ධර්ම දේශනා පවත්වති. ඔක්තෝබර් 31 ප.ව. 8.30 ට නව සංඝාවාසයට ගෙවිදීමෙන් පිරිත් දෙසුම ආරම්භ කෙරේ. පසුදින අලුයම කඨින චීවරය සහිත කප්රුක් පූජාව සඟසතු කිරීමෙන් අනතුරුව සැතපෙන බුද්ධ ප්‍රතිමාවේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබේ. එදින දාවල 60 නමක් විෂයෙහි පැවැත්වෙන සංඝගත දක්‍ෂිණාවෙන් අනතුරුව ක්‍රියාන්විතයේදී දිවිපිදූ රණවිරුවන් දහදෙනෙකුගේ දරුවනට බැංකු පොත් සහ අධ්‍යාපනික උපකරණ පරිත්‍යාග කෙරේ.එදින රාත්‍රී කඨිනානිශංස ධර්ම දේශනාව පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.