ඤාණිස්සර මහ නා හිමි ගුණ සමරුව හා 
			කඨින පින්කම
			
			 
			රත්මලාන බෝධිරුක්ඛාරාමාධිපතිව වැඩ විසූ වැලිකඩ සිරි ඤාණිස්සර මහ 
			නාහිමියන්ගේ 35 වන වාර්ෂික ගුණ සමරු පින්කම හා එම විහාර ස්ථානයේ කඨින 
			පින්කම නිමිත්තෙන් මෙම 23 වනදා සිට 25 වනදා දක්වා පින්කම් මාලාවක් 
			පැවැත්වේ. 23 වනදා දොඩම්ගොඩ අස්සජි නාහිමියන්ගේ දම් දෙසුමක්ද 24 වනදා 
			දොඩන්දූව සිරිකර නාහිමියන්ගේ දම් දෙසුමක්ද 25 වනදා අලුයම 4.30 ට කඨින 
			චීවර පෙරහර අගුලානේ මුහුදු බඩ පාරේ නන්දසීල පීරිස් මහතාගේ නිවසේ සිට 
			ඇරැඹේ. 25 වනදා උදෑසන කඨින චීවර පූජාවද කළුතර ඤාණාවාස නා හිමියන්ගේ 
			අනුශාසනා පරිදි සිදු කෙරේ.  |