Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වලලියද්දේ ආවාස මන්දිරය විවෘත කිරීම 24 දා

එල්ලක්කල වලලියද්දේ සිරි සුමංගල මහා පිරිවෙන් විහාරස්ථානයේ කඨින පින්කම මෙම 24 , 25 දෙදින තුළ සිදු කැරේ. ගොඩගම අබේසීහ හිමියන්ගේ හා වතුරුගම පඤ්ඤාවාස හිමියන්ගේ අනුශාසනා පරිදි අත්තනගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී එරික් සුසන්ත කීනවත්ත මහතා ඇතුළු මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන් අත්තනගල්ල ප්‍රාදේශීය සභා සභාපති උපුල් මහේන්ද්‍ර රාජපක්‍ෂ මහතාගේ අනුමැතියෙන් ගම්පහ දිසා පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි ජානක බෝගොල්ලාගම මහතාගේ ප්‍රධාන මූල්‍ය දායකත්වයෙන් හා විහාරස්ථ දායක පින්වතුන්ගේ ආධාරයෙන් තනන ලද ආවාස මන්දිරය විවෘත කිරීම 24 වනදා පෙරවරුවේ වේවැල්දෙණියේ මේධාලංකාර මහනාහිමියන්ගේ සුරතින් සිදු කැරේ. ගම්පහ දිසා මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා, ජානක බෝගොල්ලාගම, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි සන්ධ්‍යා සිරිවර්ධන , අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් මහේන්ද්‍ර රාජපක්‍ෂ යන මහත්ම මහත්මීහු ඇතුළු ප්‍රාදේශීය මන්ත්‍රීවරු හා දායක දායිකාවන්ගේ සහභාගිත්වයෙන් එය සිදු කැරේ. 24 වනදා සවස 6 ට යටිපස්ගමුවේ අරියවංශ හිමියන් මෙහෙයවන බෝධි පූජාවක්ද රාත්‍රී 9 ට සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවද 25 වනදා අලුයම 3 ට එච්.ඒ. සුමනාවතී මහත්මියගේ නිවසින් කඨින පෙරහර ඇරැඹීමද උදෑසන 6 ට විහාරස්ථානයේදී කඨින චීවර පූජාවද දවල් ශතාධික සංඝගත දක්ෂිණාවද පැවැත්වේ. කඨිනානිශංස දහම් දෙසුම ජයසිරිපුර ජිනානන්ද හිමියන් විසින් පවත්වනු ලැබේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.