Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මිගදෙව් මහ සෑයේ දෙවන අදියරේ වැඩ ඇරැඹේ

අනුරාධපුර, සාලියපුර, මාන්කඩවල පුරාණ රජ මහා විහාරයේ විහාරස්ථානයක තිබිය යුතු අත්‍යාවශ්‍ය විහාරාංගයක් වන චෛත්‍යයක්, විහාරාධිපතිවහන්සේ ඇතුළු පොඩි හාමුදුරුවන් වහන්සේලා 25 නමකට වැඩි පිරිසක් වැඩවාසය කරන ඓතිහාසික මාන්කඩවල පුරාණ රජ මහා විහාරයේ නොතිබුණි. සැදැහැවත් පිරිසකගේ ආධාර උපකාරයෙන්, 2550 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සිහි කරනු වස්, මාන්කඩවල පෞරාණික පින් බිමේ “මිගදෙව් මහා සෑය” නමින් චෛත්‍යයක් ඉදිකිරීමට මුල් ගල තැබුවේ 2006 පොසොන් මස අට වනදා ය. චෛත්‍යයේ වැඩ කටයුතු නිම කිරීම සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් ලක්ෂ 235ක් වන අතර, මේ වන විට අඩි 11ක් පමණ උසට ඉදි කිරීම් කටයුතු සිදු කර ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට චෛත්‍යයක් ඇතුළත වැද පුදා ගනිමින් සුව පහසු ලෙස භාවනා කිරීමට භාවනා කුටි 20ක් මෙම චෛත්‍ය තුළ ඉදි කර දී බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීමට අවස්ථාව සළසා දීම සංවිධායක කමිටුවේ අරමුණයි. “මිගදෙව් මහා සෑය” චෛත්‍ය රාජයාණන් වහන්සේගේ සහ භාවනා කුටි 20 ක ඉතිරි වැඩ කටයුතු නිම කිරීමේ මහඟු කටයුත්තේ දෙවන අදියර ඔක්තෝබර් මස 22 වන දින සුබ මොහොතින් ආරම්භ කිරීමට සැළසුම් කර ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.