Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් මෙහෙයවන ආගමික වැඩසටහනක් 17 දා ගාල්ලේ දී

ගාල්ල දිස්ත්‍රික්කයේ තරුණ හා වැඩිහිටි ජනතාවගේ සිත් සතන් ආගම දහමට නැඹුරු කිරීමේ අරමුණ ඇතිව ‘නිවී පහන් වී සිත් සැනසේවා’ නමින් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිපාණන් මෙහෙය වන ආගමික වැඩසටහනක් මෙම මස 17 වන දින ගාල්ල ධර්මපාල උද්‍යානයේ දී එදින පෙරවරු 7.00 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. දකුණු පළාත් ආණ්ඩුකාරවර කුමාරි බාලසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරනු ලබන එම වැඩසටහනට 10, 000 ක් පමණ බැතිමතුන් සහභාගි වේ යයි අපේක්‍ෂා කෙරේ. සහභාගි වන බැතිමතුන්ට තේ පැන්, සිසිල් බීම හා දිවා ආහාරය සැපයීමට ද කටයුතු යොදා ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.