Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ කඨින පූජා පින්කම මෙම මස 17 හා 18 යන දිනයන්හි පැවැත්වීමට ඌව විශ්වවිද්‍යාලයේ කුලපති කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු කැරේ. ඒ නිමිත්තෙන් මෙම 10 වන දා සිට 16 වනදා දක්වා ධර්මදේශනා මාලාවක් ද කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ පැවැත්වේ.

17 වනදා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව විහාරස්ථ ධර්මශාලාවේ පැවැත්වෙන අතර මධ්‍යම රාත්‍රියේ කඨින පූජා පෙරහර පූජා නගරය සෙල්ලකතරගම ඇතුළු ගම්මානවල ගමන් කිරීමෙන් අනතුරුව ටී.ආර්. කරුණාරත්න මහතාගේ නිවස අසලින් අලි ඇතුන් නැටුම් කණ්ඩායම් සහ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ සිසු දරුවන්ගේ හා උපාසක උපාසිකාවන්ගේ සහභාගිත්වයෙන් යුතුව නවනගරය හරහා කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණ කඨින චීවර පූජාව පැවැත්වේ. එදින අර්ධ ශතාධික මහා සංඝරත්නය වෙනුවෙන් දවල් මහාදානය හා අටපිරිකර පූජාව පැවැත්වේ.

ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල කතරගම බෞද්ධ සංගමය මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව එම පින්කම් සංවිධානය කර ඇත.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.