Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජාතික විජයග්‍රහණය සංකේතවත් කරන ප්‍රථම ස්ථූපය ඉදි වන අනුරපුර පූජා භූමිය ජනපති නිරීක්ෂණයට

ජාතික විජයග්‍රහණය සංකේතවත් කෙරෙමින් දිවයිනේ පළාත් නවයේ ඉදිකෙරෙන ස්ථූප නවය අතුරින් පළමුවැනි ස්ථූපය ඉදිකෙරෙන අනුරාධපුර පුජා භූමි ප්‍රදේශය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිරික්ෂණය කළේය.

අනුරාධපුර ඓතිහාසික පූජා භුමිය වෙත (30) පැමිණි ජනාධිපතිතුමා , ප්‍රථමයෙන් ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදාගෙන ආශීර්වාද ලබා ගත්තේය.

අනතුරුව අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන් වහන්සේ බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුවදුක් විමසීය. රුවන්වැලි සෑ රදුන් අභියස පැවැති ආගමික වතාවත් සඳහා ද ජනාධිපතිතුමා සහභාගි වූ අතර රුවන්වැලි සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ මෙහිදී ජනාධිපතිතුමාට ආශීර්වාද කළහ. සිලාවතුර මහා විද්‍යාලයේ සිසු දැරියන් පිරිසක් ද ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණ සිටි අතර ජනාධිපතිතුමා ඔවුන් සමග ද සුහද පිළිසඳරක නිරත විය. උතුරුමැද ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ ප්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක, ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි ජනරාල් සරත් ෆොන්සේකා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය නිමල් සිල්වා, ප්‍රාදේශීය පුරාවිද්‍යා අධ්‍යක්ෂ මහින්ද වීරක්කොඩි මහත්වරුද එම අවස්ථාවට එක්ව සිටියහ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.