Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

වත්තල, මාබෝල, සිංහ පාර, මිඩ්ලන්ඩ් සිටි, ශා ජූඩ් මාවත , 67/31 හී පදිංචි තිදරු පියකු වන විද්‍යුත් කාර්මික ශිල්පි 35 වියැති ඩන්ස්ටන් ජෙගදේව හියුබට් මහතාගේ ජිවිතය බේරාගැනීම සඳහා ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇත. පරිත්‍යාගශීලි අයෙක් වෙතොත් 011 - 4974840 අමතන්නැයි ඉල්ලීමක් කැරේ.

*****

වකුගඩු රෝගියාට පිහිටක් වන්න

මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දකුණු බුත්පිටිය ග්‍රාමයේ අංක 28 /19 නිවසේ පදිංචි 44 හැවිරිදි දෙදරු පියෙකු වන නාරද වික්‍රමාරච්චි මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළේ. ඔහුට නොපමාව වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ මහ රෝහලේ විශේෂ වෛද්‍ය නිර්දේශ කර ඇත.

ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කර ඒ මහතාගේ ජීවිතය බේරා ගැනීමට ඉදිරිපත් වීමට කැමැති ස්වාමින් වහන්සේ නමක් හෝ දානපතියෙක් හෝ වේ නම් ඉහත ලිපිනයට හෝ 0776541180 දුරකථන අංකයට හෝ දැනුම් දෙන ලෙසත් ඉල්ලා සිටී.

*****

මහරගම පදිංචි දෙදරු පියකු වන ඩී.එස්. අතපත්තු මහතා දැනට මහනුවර මහා රෝහලේ වකුගඩු දෙකම අක්‍රියවීම නිසා නේවාසිකව ප්‍රතිකාර ලබයි.

මහනුවර රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් පවසනුයේ වකුගඩුවක් බද්ධ කිරීම ඉක්මනින් කළයුතු බවයි.

ඔහුට “ ඒ පොසිටිව්, ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ලබා දීමට කැමැති අයෙක් වෙතොත් පහත සඳහන් දුරකතන වලට වහාම අමතන්නැයි ඉල්ලීමක් කැරේ. 0716556671, 0714039886

*****

රාජගිරිය නෙලුම් පෙදෙසේ 212/24 නිවසේ පදිංචි ඩී.පී.ජයසූරිය මහතා (අවු. 47) දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන අතර ඔහු සුවපත් කිරීම සඳහා ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් කඩිනමින් බද්ධ කළ යුතු බව මහනුවර රෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත. එම සත්කාරය සඳහා ගැලපෙන වකුගඩුවක් ලබාදීමට කැමති පරිත්‍යාගශීලියෙකු ඉහත සඳහන් ලිපිනයට හෝ පහත දුරකථනයට දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කැරේ. 0712056846 0779965437 දුරකථන අංකවේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.