Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගලවිලවත්තේ කඨින පින්කම සහ නව සංඝාවාසය විවෘත කිරීම 10 දා

හෝමාගම ගලවිලවත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ නව සංඝාවාසය විවෘත කිරීම සහ කඨින පින්කම මධ්‍යස්ථානාධිපති, හෝමාගම ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී, ශාස්ත්‍රපති රත්මලානේ සුජාත නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම 08 -11 දින දක්වා පැවැත්වේ.

8 වන දා රාත්‍රී විශේෂ ධර්ම දේශනාව, පණ්ඩිත දම්පහල ඥානරතන නාහිමි 09 වන දා රාත්‍රී 7.30 ට විශේෂ ධර්ම දේශනාව දියසෙන්පුර විමල හිමි, 10 වන දින සවස 03.17 ට නව සංඝාවාසය සහ ප්‍රතිසංස්කරණය කරන ලද බෝධිප්‍රාකාරය විවෘත කිරීම හා උත්සව සභාව.

කෝට්ටේ කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහ සංඝ සභාවේ අනුනායක ආචාර්ය, ඉත්තෑපානේ ධම්මාලංකාර අනු නාහිමි, පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරුවන්පති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි සහ පූජා භූමි සංවර්ධන සහ නාගරික සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් සිදුවන අතර බෝධි ප්‍රාකාරය සැකසීමේ දායකත්වය ගලවිලවත්තේ සමන් මාවතේ වී.එස්.ඩී. බෝගොඩ මහතා සහ එම මහත්මිය විසින් දරා ඇත.රාත්‍රී 9.00 ට පිරිත් දේශනාව එහි අනුශාසනය ආචාර්ය, මාඹුල්ගොඩ සුමනරතන හිමියෝ සිදු කරති. 11 වෙනිදා අලුයම 03.00 කඨින චීවරය රැගත් පූජා පෙරහර ප්‍රධාන දායකත්වය දරන ගලවිලවත්ත සමන් මාවතේ පදිංචි ලීලා සෝමදාස මහත්මියගේ නිවසින් පිටත් වේ. පෙරවරු 6.30 කඨින චීවරය සඟසතුව පූජා කිරීම ශ්‍රී ලංකා ශ්වේජින් මහ නිකායේ මහානායක කම්මට්ඨානාචාර්ය, ඉඟුරුවත්තේ පියනන්ද මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.