Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කොටුව සම්බුද්ධාලෝක විහාරයේ කඨින පින්කම

ලේක්හවුස් බෞද්ධ සංගමයෙන්

කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ කඨින පින්කම මෙම මස 9 සහ 10 යන දිනවලදී විහාරාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල පද්මකුමාර මහතා ප්‍රධාන ලේක්හවුස් බෞද්ධ සංගමය මගින් මෙවර එම කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය උසුලති. ආයතනයේ සේවක මහත්ම මහත්මීහු ඊට අනුග්‍රහය දක්වති.

මෙම 9 වනදා සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවද, 10 වනදා අලුයම 4 ට ලේක්හවුස් ආයතනයේ සිට කඨින චීවර පූජා පෙරහරද උදෑසන 7.30 ට කප්රුක් පූජාව සහිත කඨින චීවර පූජාවද පැවැත්වේ.

ඒ නිමිත්තෙන් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියන් විසින් රචිත කඨිනානිශංස හෙවත් නොබිඳෙන පින ග්‍රන්ථයද ලේක්හවුස් බෞද්ධ සංගමය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.