Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘බෞද්ධයා’ රූපවාහිනියේ සජීව විකාශය

වප් පෝදා ශ්‍රී සම්බෝධි විහාරයේ සිට

බෞද්ධ ආගමික වැඩසටහන් සඳහා මෙරට බිහි වූ පළමු රූපවාහිනී නාලිකාව වන බෞද්ධයා රූපවාහිනියේ වප් පුර පසළොස්වක පෝදා සජීව විකාශය කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාර සදහම් මැදුරේ සිට විකාශය කැරේ.

පෝදා පෙරවරු 6 – 7 සීල සමාදානය බුද්ධ වන්දනාව භාවනාව හා අනුශාසනාව මෙහෙයවීම ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති දරණාගම කුසලධම්ම නාහිමි 8 – 9.30 දහම් දෙසුම හා භාවනා වැඩසටහන කම්මට්ඨානාචාර්ය පිටිගල ගුණරතන හිමි, 10 –11 දම් සභා මණ්ඩපය ශාස්ත්‍රපති දරණාගම කුසලධම්ම නාහිමි, ශ්‍රී සම්බෝධි විහාරස්ථ දායක සභාවේ ගිහි අනුශාසක හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා 11 – 11.30 සම්බුදු පූජාව මෙහෙයවීම මහරගම පදුම හිමි, පස්වරු 12.30 – 1 රණවිරුවන්ට කෘතිම පාද පිරිනැමීම අභය දාන පින්කම සහ රෝද පුටු 18 වන දා ඉරිදා දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දී පැවැත්වේ. මාධ්‍ය සත්කාරය බෞද්ධ නාලිකාව මගිනි. පස්වරු 1 – 2 දහම් දෙසුම අධිකාරීගම සන්තසුමන හිමි, 2 – 3 දහම් දෙසුම 3.30 සූත්‍ර පිටකය සජ්ඣායනා කිරීම හා සාකච්ඡාව 4.30 – 5.30 කෙටි අනුශාසනාව සත් සත් බුදු පූජාව හා සිල් පවාරණය, මෙහෙයවීම මහරගම පදුම හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.