Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ ක්‍ෂීරපායාස බුද්ධ පූජාව

අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ ක්‍ෂීරපායාස සම්බුද්ධ පූජාව මෙවරද මෙම මස 4 වෙනි දින ජය ශ්‍රී මහා බෝ සමිදුන් වෙත පූජා කැරේ. වප් පුර පොහොය දින බෞද්ධ මණ්ඩල පරිශ්‍රය වෙත කැඳවා ගෙන එන කිරිඑළදෙනුන් අට දෙනෙකු සුවඳ පැනින් නහවා විළඳ ඔළිඳ වැල් මී, මී පැණි සමග කවා පසු දින අළුයම දිය නා සුදු පිරුවට ඇද ගත් පිරිසක් ලවා කිරි දොවා ගනු ලබයි. අනතුරුව උඩුවියන් බැඳ වටතිර ඇද සකස් කළ විශේෂ මණ්ඩපයකදී එම කිරෙන්ම සහල් සෝදා සුවද දරින් ගිණිමොළවා සක් හඬ මැද මඟුල් බෙර වයා ඖෂධීය වාෂ්පයෙන්ම පමණක් පිස ගන්නා එම ක්‍ෂීරපායාසය සැබවින්ම අතිපාරිශුද්ධ මහා ක්‍ෂීරපායාසයකි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.