Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ ආගමික වැඩසටහනක් 17 දා ගාල්ලේ දී

ගාල්ල දිසාවේ තරුණ හා වැඩිහිටි ජනතාවගේ සිත් සතන් ආගම දහමට නැඹුරු කිරීමේ අරමුණින් නිවී පහන් වී සිත් සැනසේවා නමින් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් පවත්වනු ලබන ආගමික වැඩසටහනක් මෙම මස 17 වන දා ගාල්ල ධර්මපාල උද්‍යානයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත.

එදින පෙරවරු 7 සිට පස්වරු 4.30 දක්වා එම ආගමික වැඩසටහන ක්‍රියාත්මක වන අතර 10000 ක පමණ සැදැහැවතුන් පිරිසක් ඊට සහභාගි වනු ඇතැයි අපේක්‍ෂා කරන බව දකුණු පළාත් ආණ්ඩුකාරවර කුමාරි බාලසූරිය මහත්මිය සඳහන් කරයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.