Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පෝදා පින්කම්

 

කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ දී වප් පෝදා දවස පුරා පින්කම් රැසක් ඌව විශ්ව විද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම , මල් පහන් කිරි ආහාර පූජාව ශබ්ද පූජා මධ්‍යයේ කිරිවෙහෙර වහන්සේ වටා ෂඩ්වර්ණයෙන් යුත් සාටකයක් පැළදවීමේ කප් රුක් පූජාව පැවැත්වේ. භාවනා වැඩසටහන කිරිවෙහෙර මළුවේ පැවැත්වේ.

උදේ ධර්ම දේශනාව රත්නපුර මල්වල ශ්‍රී ඥාණෝභාෂා මහා පිරිවෙන් ආචාර්ය ශාස්ත්‍රවේදී උඩුගල කන්දේ ආරියරතන හිමි විසින් දුටුගැමුණු ධර්ම ශාලාවේදී පැවැත්වේ. කිරිවෙහෙර මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ සිට අෂ්ටඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කිරීම. බෝධීන් වහන්සේ සුවඳ පැණින් නහවා බෝධිපූජාව පැවැත්වීම සිදුකරනු ලබන්නේ අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර විහාරවාසී මිද්දෙණියේ උදිත හිමියන් විසිනි.

කිරිවෙහෙර 3 වන මළුවේ පහන් දස දහසක ආලෝක පූජාවක් පැවැත්වෙන අතර සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පසුදා පහන්වනතුරු විහාරස්ථ ධර්ම ශාලාවේ පැවැත්වේ. කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය මහාසේන සිල් සමිතිය හා විහාරස්ථදායක සභාව මෙම පින්කම් සංවිධානය කර ඇත.

 

කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයෙවීමෙන් කළුතර බෝධි පරිශ්‍රයේ දී වප්පුර පෝදා පවත්වනු ලබන පින්කම් මාලාව මෙසේ ය. එදින පෙරවරු 06.30 – 07.30 සීල සමාදානය හා තෙරුවන් වන්දනාව බෝදාගම සුමනජෝති හිමි, 8 – 9.45 භාවනා වැඩසටහන මෙහෙයවීම පාදුක්කේ සද්ධාධජ හිමි, 10 –11 දහම් දෙසුම බටුවන්ගල රාහුල හිමි, 11.15 අභයදාන පින්කම හා ඒ පිළිබඳ අනුශාසනාව පලාතොට පඤ්ඤානන්ද හිමි, පස්වරු 1 – 2.45 දහම් දෙසුම උයන්වත්තේ ඤාණාලෝක හිමි, 3 – 4.30 දහම් දෙසුම පොලිපිති මූකලානේ පඤ්ඤාසිරි හිමි, 4.45 – 6 දහම් දෙසුම පැලවත්තේ පඤ්ඤාතිස්ස හිමි 6.15 කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව, 8 සිට රූපවාහිනිය තුළින් බෞද්ධ දර්ශන එළිදැක්වීම.

බම්බලපිටියේ වජිරාරාමය

බම්බලපිටිය සිරිවජිරාරාමයේ වප් පෝදා සීල සමාදාන වැඩසටහන මෙසේ ය. මෙදින පෙරවරු 6 – 6.45 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ත්‍රිකුණාමලයේ ආනන්ද අනු නා හිමි 6.45 – 7.00 බුද්ධ පූජාව වත්තේගම නිපුන හිමි, 8 – 9 ධර්ම දේශනය වත්තේගම නිපුණ හිමි, 9 – 10 ධර්මානුශාසනය වැලිගම ඤාණරතන මහනාහිමි, 10 – 11 දහම් දෙසුම කඹුරුගමුවේ මහා නාග හිමි, 11 – 11.15 බුද්ධ පූජාව පැරකුම්පුර විශාරද හිමි, 12.30 – 1.00 පුණ්‍යානුමෝදනාව.

කොළඹ තරුණ බෞද්ධ සංගමය

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ පෝදා සීල භාවනා වැඩසටහන මෙසේය. මෙදින පෙරවරු 6 -7.30 සිල් සමාදානය , මෛත්‍රී භාවනාව සෙත් පිරිත් හා බුද්ධ පූජාව මෙහෙයවීම මොරවක ශාන්ත හිමි, 8 -9 භාවනාව උතුරාවල ධම්මරතන හිමි, 9 -10 ධර්ම දේශනය රාජාංගනයේ සෝරත හිමි, 10 .15 - 11 බුද්ධ පූජාව , 12 -1.00 පිරිත් සජ්ඣායනය, 1 -2 ධර්ම දේශනය මෙදේරිපිටියේ චන්ද්‍රවංශ හිමි, 2 -3 බෞද්ධ කථාව කේ.කේ. සුගතපාල මහතා , 3.30 - 5.45 ධර්ම දේශනය වේරලුගොල්ලේ උදයනන්ද හිමි, 5.45 - 6.00 සිල් පවාරණය .

 

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන වැඩ සටහන

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වප් පුර පසළොස්වක පෝදා තරුණ සීල සමාදාන වැඩසටහන මෙසේ ය. පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ලග්ගල අසම හිමි, 8.00 – 9.00 භාවනාව, පණ්ඩිත හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 9.00 – 10.00 විශේෂ දේශනය, නීතිඥ උපදේශිකා ඉන්ද්‍රානි ඊරියගොල්ල මහත්මිය, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු, 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ තබ්බෝවේ තපංකර හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව, ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව, ශාස්ත්‍රපති කිරම රාහුල හිමි, 3.00 – 4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති මොරකැටි ආරේ ධම්මික මාහිමි, 4.15 – 5.00 ධම්මපදය, පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව, දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෝදා පෙරවරු 6 –7 සිල් සමාදන් කරවීම අනුශාසනාව හා බුද්ධ පූජාව, හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 8 – 9 භාවනාව, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 9 – 10 ධර්මදේශනාව, ගංගොඩවිල සාරානාත් බෞද්ධ මධ්‍යස්ථානාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පිණිකහනේ ඤාණාවාස නාහිමි, 10 – 11.15 බුද්ධ පූජාව කණංකේ ධම්මික හිමි, බංගලාදේශයේ සුමණවංස හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.30 – 1 පිරිත් හා තෙරුවන් ගුණ මකුලේමඩ සිරිනන්ද හිමි, බියගම කමලධම්ම හිමි, 1 – 2 ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 2 – 3 මහරගම ශ්‍රී පඤ්ඤානන්ද මහ පරිවෙණාධිපති දර්ශනපති වටගෙදර විමලබුද්ධි හිමි, 3 – 4 විශේෂ අනුශාසනාව වැලිගම ඤාණරතන මහ නාහිමි, 04.15 – 5 ධර්මදේශනාව, ලග්ගල අසම හිමි, 5- 6 ධම්මපදය, ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6 – 6.30 බෝධි පූජාව සහ සිල්පවාරණය මෙහෙයවීම, ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි.

බොරැල්ලේ ගෝතමී විහාරය

බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරස්ථානයේදී වප් පොහොය නිමිත්තෙන් විහාරාරක්‍ෂ දායක සභාවේත් අය¸ මහිලා සමිතියේත් මෙහෙයවීමෙන් පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය. පෙරවරු 6.00 ට උපෝසථ ශීලයෙහි පිහිටුවීම හා තෙරුවන් ගුණ භාවනාව තෙල්වත්තේ අචලනාග හිමි, 6.30 ට සම්බුද්ධ පූජාව, 8.15 ට භාවනාව මෙහෙයවීම ආටිගල අමිතදේව හිමි, 9.15 ට බුදුසරණ පුවත්පත බෙදාදීම හසිත දියබලනගේ, තිලංග දියබලනගේ සොහොයුරන් 10.00 ට ධර්ම දේශනාව මෙහෙයවීම අම්බුලුගල සුමංගල හිමි. 11.00 ට සම්බුද්ධ පූජාව සවස 1.35 ට ධර්ම දේශනාව හෝමාගම පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත පිටිගල විජිත හිමි , 3.30 ට ධර්ම දේශනාව අබන්පොල ඤාණතුසිත හිමි, 4.30 ට ධර්ම සාකච්ඡාව ආටිගල අමිතදේව හිමි, 6.00 ට අටවිසි බෝධි පුජාව මෙහෙයවීම දොළොස්බාගේ සාන්තනාග හිමි.

කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාමය

කොළඹ 10 කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාම විහාරස්ථානයේ දී වප් පුර පසළොස්වක පොහෝ දා විහාරාධිපති හල්පිට හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් පින්කම් මාලාවක් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 6.00 – 6.30 සීල සමාදානය හා කෙටි අනුශාසනාව මෙහෙයවීම විහාරාධිකාරී ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තලල්ලේ සිරි මහින්ද නාහිමි, 8.00 – 9.00 රජවත්තේ වප්ප හිමි මෙහෙයවන භාවනා වැඩසටහන, 09.15 –10.15 ගැට්ටුවානේ සුමේධ හිමි මෙහෙයවන දහම් දෙසුම, 10.15 – 11.15 දවල් ආහාර සම්බුද්ධ පූජාව තලල්ලේ සිරි මහින්ද නා හිමි, 12.30 – 12.45 සෙත් පිරිත් සජ්ඣායනාව විමලදාස පෙරේරා උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන්, 1 .00 –2.00 විහාරස්ථ උපාසක උපාසිකා මාසික සමිති රැස්වීම තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන්, 2.15 – 3.00 භාවනා වැඩසටහන මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි 3.15 – 4.15 ධර්ම දේශනාව යටිගල් ඔළුවේ විජිත රතන හිමි, 4.30 – 5.30 දහම් දෙසුම වැල්ලවායේ විමල මූර්ති හිමි, 6.00 ට සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි 7.00 – 7.30 ගිලන්පස, මල් පහන් සම්බුද්ධ පූජාව කෙසෙල්පොත සුමනවංස හිමි, 7.45 – 8.45 රාත්‍රී ධර්ම දේශනාව ලුණුගම්වෙහෙරේ නාරද හිමියන් විසිනි.

 

වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී වප් පෝදා දවස පුරා පින්කම් රැසක් සිදු කැරේ. එදින පෙරවරු 6 – 7 සීල සමාදානය හා අනුශාසනාව මහරගම මහින්ද හිමි 7 – 8 උදෑසන බුද්ධ පූජාව 8 – 9 දහම් දෙසුම අම්බලන්ගොඩ ධම්මාලංකාර හිමි, 9 – 10 දහම් දෙසුම මාදුළුවාවේ සෝභිත හිමි, 10 – 11 ආරාධිත දේශනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සම්පත් අමරතුංග මහතා 11 බුද්ධ පූජාව පස්වරු 12.30 – 1 පිරිත් සජ්ඣායනය 1 – 2.30 භාවනාව මෙහෙයවීම ගාමිණී පි‍්‍රයන්ත මහතා 3 – 4 දහම් දෙසුම කහපන්විලගම සුසීම හිමි 4 – 5 දහම් දෙසුම බොරැල්ලේ ඇතුල නාහිමි 5 – 5.30 බුද්ධ වන්දනාව.

තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර සංඝමිත්තාරාමයේ දී වප් පුන් පොහෝ දින අලුයම 05.30 ට සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් ද පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා සීල භාවනා ධර්ම දේශනා වැඩසටහන් ද පැවැත්වේ. පෙරවරු 8 – 9 පන්නිපිටියේ ආසංසා දසසිල් මාතාව පවත්වන ධර්ම දේශනයක් ද, 9 – 11 කොටගොඩ සුධීර හිමියන් විසින් පවත්වන ධර්ම දේශනය සහ මෙහෙයවන භාවනා වැඩසටහනක් ද 11 ට දවල් බුද්ධ පූජාව ද පස්වරු 12.30 – 1.00 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනයද 1 – 2.30 හිටපු මහා භාරකාර යූ. මාපා මහතා පවත්වන දේශනය සහ සක්මන් භාවනා වැඩසටහනක් ද 2.30 – 3.00 වික්‍රමආරච්චි උපාසිකාව විසින් පවත්වන දේශනය ද 3 – 5 වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා මෙහෙයවන ධර්ම සාකච්ඡාවෙන් අනතුරුව 5 – 5.30 තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදුකෙරේ. සවස 6.00 ට ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලැබේ.

කොම්පෙයාහේන

හෝමාගම පනාගොඩ කොම්පෙයාහේන භාවනා මධ්‍යස්ථානයේ දී වප් පුර පොහොය දින පවත්වනු ලබන ආගමික වැඩසටහන මෙසේය පෝදා පෙරවරු 6.30 – 7.15 සිල්සමාදන් කිරීම, බුද්ධ වන්දනාව කළුතර සරද හිමි, 8.00 – 9.45 භාවනාව රත්මල්දෙණියේ සරත් ගල්ගමුව මහතා, 10.00 – 11.00 ධර්මදේශනය, රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී පිටිපන සුමනසාර හිමි, 11.00 – 1.00 බුද්ධ වන්දනාව, පස්වරු 1.00 – 2.00 පිරිත් ධර්මය දේශනා කිරීම, දායක සභා රැස්වීම, 2.00 – 3.00 ධර්මදේශනය දාම්පේ විපස්සී හිමි, 3.15 – 4.15 ධර්මදේශනය ගෞරව ශාස්ත්‍රවේදී කිරිලිපනේ ඉන්දරතන හිමි, 4.15 – 5.15 ධර්මදේශනය, සියම් මහා නිකායේ ශ්‍රී කල්යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ කාරක සභික කර්මවාගාචාර්ය මාලඹේ සීලරතන හිමි, 5.30 – 6.30 බෝධි පූජාව සහ සිල්පවාරණය.

අරංගල ශ්‍රී ශෛලාරාමය

උතුරු හෝකන්දර අරංගල ශ්‍රී ශෛලාරාමයේ වප් පුර පසළොස්වක පොහෝ දා, විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයෙහි කථිකාචාර්ය, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ඇත්කඳුරේ සුමනසාර මාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ සීලභාවනා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවසපුරා පැවැත්වෙන විශේෂ පින්කම් මාලාව මෙසේ ය. පෙරවරු 5.45 – 6.30 විශේෂ පින්ඩපාත චාරිකාව, 6.30 – 7.30 සිල් සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව හා කෙටි අනුශාසනාව, කථිකාචාර්ය ඇත්කඳුරේ සුමනසාර මාහිමි, 08.30 – 09.30 ජාතක දේශනා විමර්ශන අඹගස්ආරේ කමලසිරි හිමි, 9.45 – 10.45 ධර්ම දේශනාව කටියාවේ විමල හිමි, 11.00 – 11.30 දවල් ආහාර බුද්ධ පූජාව බදුල්ලේ සුමංගල හිමි. පස්වරු 1.00 – 2.00 සෙත් පිරිත් සජ්ඣායනාව සහ දහම් පොත් බෙදාදීම 2.00 – 3.00 විශේෂ භාවනා වැඩසටහන සහ අභිධර්ම පන්තිය, කථිකාචාර්ය ඇත්කඳුරේ සුමනසාර මාහිමි 3.15 – 4.15 ධම්මපද විමර්ශනය ඇකිරියේ ඤාණසුමන හිමි, 4.30 – 5.30 විශේෂ ධර්ම දේශනාව ශාස්ත්‍රපති අමුගොඩ සෝමානන්ද නාහිමි, සවස 06.30 – 7.30 විශේෂ ආශිර්වාද පූජාව, මුරපොල පියවංශ හිමි, විහාරස්ථානයේ කඨින මහපින්කම ඔක්තෝබර් මස 09 සහ 10 දෙදින තුළ දී සිදු කෙරේ.

මාතර තරුණ බෞද්ධ සමිතිය

පෝදා පෙරවරු 6.30 උවසු උවැසියන් සීල සමාදන් කරවීම, බුද්ධ පූජා වන්දනාව ශාස්ත්‍රවේදී මලිදුව විමලවංශ හිමි , 8.00 බුදු ගුණ වන්දනාව - පැළෑනේ සුවිනීත හිමි, 9.30 විදර්ශනා මාර්ගය කම්මට්ඨානාචාරිනී චන්ද්‍රා රණතුංග මාතාව, 10.30 බුද්ධ පුජා වන්දනාව , වලස්ගල පඤ්ඤාසිරි හිමි ,පස්වරු 1.00 රණවිරුවන්ට සෙත් පතා සෙත් පිරිත් සජ්ජායනාව ඌරුමුත්තේ සිරි සෝමරතන නාහිමින්ගේ අනුශාසනා පරිදි , 2.00 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම බන්දුල උදයකුමාර මහතා, 4.00 ධර්මදේශනය වැලිපිටියේ විමල හිමි, 5.00 සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාත්මක ධර්ම දේශනය - ශාස්ත්‍රවේදී ගම්මැදගම චන්ද්‍රජෝති හිමි.

මාතර සිරි වජිරඤාණ ධර්මායතනය

පෝදා පෙරවරු 6.00 ට සිල් සමාදන් කරවීම සහ අනුශාසනාව ශාස්ත්‍රපති පණ්ඩිත පැලෑනේ සුවිනීත හිමි, 7.30 ට උදෑසන බුද්ධ පූජාව , 8.30 ට භාවනා වැඩසටහන , දිද්දෙනිපොත සුමේධ හිමි, 9.30 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත මොදරවානේ සිද්ධත්ථ හිමි, 11.00 බුද්ධ පුජාව, ප.ව. 1.00 සෙත් පිරිත් දේශනාව ධර්මායතන වාසී පොඩි ස්වාමින් වහන්සේලා , 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පැලෑනේ සුවිනීත හිමි, 3.30 ට ධර්ම දේශනාව පණ්ඩිත පනම්වෙල රාහුල හිමි , 5.00 සිට 6.00 ධර්ම දේශනාව පණ්ඩිත කඹුරුගමුවේ ගුණරතන හිමි, 6.00 සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව කරතොට මධුරධම්ම හිමි .

සිරිමංගල පිරිවෙන් විහාරය

පෝදා පෙරවරු 6.00 සීල සමාදානය සහ අනුශාසනාව පණ්ඩිත වලස්ගල පුණ්‍යජි මයුරවංශ මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි ආරම්භ වේ. 6.30 ට බුද්ධ පූජා වන්දනාව ශාස්ත්‍රවේදී බලංගොඩ සාන්තසිරි හිමි. 8.30 ධර්ම දේශනාව සංකපාලේ පඤ්ඤාතිස්ස හිමි, 10.30 බුද්ධ පූජා වන්දනාව හොරපාවිට ධම්මිස්සර හිමි ප.ව. 1.00 සෙත්පිරිත් සජ්ජායනාව, 2.00 ධර්ම සාකච්ඡාව ත්‍රිපිටකවේදී වලස්ගල පඤ්ඤාසිරි හිමි, 4.00 ධර්ම දේශනාව පණ්ඩිත හත්තොටුවේ ඉන්ද්‍රරතන හිමි, 5.00 සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව රාත්‍රි 7.00 ට අටවිසි බුද්ධ වන්දනාව ශාස්ත්‍රවේදී කුඩාගොඩ ඤාණවංශ හිමි .


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.