UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිත්තම්ගල්ල ඇසළ උළෙල 30 වන දා සිට 6 දක්වා

හම්බන්තොට දිස්ත්‍රික්කයේ, ගිරුවාපත්තුවේ , මුල්කිරිගල ආසනයේ, වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රම්මල් කඳුවැටිය පාමුල පිහිටි ඓතිහාසික සිත්තම්ගල්ල රජමහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වන බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට උපහාර පිණිස පවත්වන ඇසළ පෙරහර උළෙල මෙවර ද 42 වන වරටත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු විධිවිධාන සලසා ඇති බව එහි ප්‍රධාන බස්නායක නිලමේ තැන්පත් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ගංගානාත් අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. සැප්තැම්බර් 30 වැනි දින සිට ඔක්තෝම්බර් 06 වන දින තෙක් පැවැත්වෙන එම උත්සව මාලාවේ සමාරම්භය 30 වැනි දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවෙන් ඇරඹෙන අතර, පසු දින දවල් සඟ සතු දානය පිරිනැමීමට ද නියමිතය. 01 වැනි දින රාත්‍රියේ විෂ්ණු දේවාල පෙරහර ද 02 වන දින කතරගම දේවාල පෙරහර ද 03 වන දින රජ්ජුරු බණ්ඩාර දේවාල පෙරහර ද පවත්වා, 04 වැනි දින රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතය. 05 වැනි දින කෝල්මුර යාගය පවත්වා රටට සාමය හා සෞභාග්‍ය පතා 06 වන දින වරාපිටිය වැවේ දියකැපීමෙන් ඓතිහාසික සිත්තම්ගල්ල රජ්ජුරු බණ්ඩාර දේවාල පෙරහර උත්සව කටයුතු හමාර කිරීමට නියමිත බව හම්බන්තර දිසාවේ ප්‍රධාන සංඝනායක අගලබඩ පියසිරි නා හිමියන් සහ ප්‍රධාන බස්නායක නිලමේ ඇතුළු විහාරස්ථාන දායක සභාව ප්‍රකාශ කරති.

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය සැප්තැම්බර් 25 වනදා සිකුරාදා අපර භාග 09.18 ට ලබයි.
26 වනදා සෙනසුරාදා පූර්ව භාග 11.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 26 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 3 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 26

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 03

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 11

New Moonඅමාවක

ඔක්තෝබර් 17

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]