Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ බෞද්ධ පුස්තකාලය මහජනතාවට විවෘත කැරේ

රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ස්වදේශ කටයුතු භාර ඇමැතිවරයා ලෙසද, අමාත්‍ය මණ්ඩලයේ උප සභාපති ලෙසද කටයුතු කල ශ්‍රීමත් බාරොන් ජයතිලක මැතිතුමා සිය දේශයේ ජාතියේ මෙන්ම ආගමේ දියුණුවට ද කැපවී ක්‍රියා කල නායකයෙකු වේ. එසේම අවුරුදු 46 ක අඛණ්ඩ කාලයක් කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති ධූරය ද හොබවා ඇත. 1968 දී ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතාගේ උපන්දින ශත සංවත්සරය නිමිත්තෙන් හා ස්වකීය පෞද්ගලික බෞද්ධ පුස්තකාලය පරිත්‍යාග කිරීමෙන් ආරම්භ වූ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ බෞද්ධ පුස්තකාලය 2003 වර්ෂයේ සිට සංගමයේ සාමාජිකයන් නොවන බාහිර පාඨක ජනතාව වෙත විවෘතව පවතී. රු.500/ - ක තැන්පත් මුදලක් හා රු.100/- ක වාර්ෂික සාමාජික මුදලක් ගෙවීමෙන් මෙම පුස්තකාලයේ බාහිර පාඨක තත්වය ලබා ගත හැක.

මෙම පුස්තකාලය කොළඹ 08 , බොරැල්ලේ ඩී.එස්. සේනානායක මාවතේ අංක 70 දරන ස්ථානයේ , කොළඹ තරුණ බෞද්ධ සංගම් මූලස්ථාන ගොඩනැගිල්ලේ තුන්වන මහලෙහි පිහිටා ඇත. ඉරිදා, පසළොස්වක පොහෝ දින හා වෙළඳ නිවාඩු දිනයන්හි හැර අනෙකුත් දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා විවෘතව පවතී. සිංහල හා ඉංගී‍්‍රසි සම්පූර්ණ ත්‍රිපිටක හා අටුවා ග්‍රන්ථ , ප්‍රසිද්ධ විශ්වකෝෂ හා වටිනා දුර්ලභ ග්‍රන්ථ සීමිත පරිශීලන අංශයේද (ආශ්‍රය අංශය ) බුද්ධ ධර්මය, දර්ශනය, සංස්කෘතිය , ඉතිහාසය හා සාහිත්‍යය ආදී විෂයන් රාශියක් යටතේ රචිත ඉංගී‍්‍රසි , සිංහල ග්‍රන්ථ 10,000 ක් පමණ ද බාහිර නිකුතු අංශයේ ඇති බැහැර ගෙනයාම් අංශයේ ග්‍රන්ථ දෙකක් ලිත් මාසයක කාලයක් සඳහා බැහැර ගෙන යා හැකි බව එම සංගමය කියයි


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.