Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා අගැයීමේ උළෙල

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම 2009 ජාතික මහෝත්සවය දෙසැම්බර් 25, 26,27 තෙදින තුළ වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨයේදී පැවැත්වීමට ආගමික කටයුතු අමාත්‍යාංශය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ ගම්පහ ශාසනාරක්‍ෂක බල මණ්ඩලය එක්ව තීරණය කර තිබේ. මේ වසරේදී දිවයිනේ දහම් පාසල් අතර ප්‍රාදේශීය මට්ටමේ හා දිස්ත්‍රික් මට්ටමේ තරග වලින් ජයග්‍රහණය කර ඉසව් 39 කින් සමස්ත ලංකා තරග සඳහා සුදුසුකම් ලැබූ දරුවන්ගේ සිසු නිපුණතා ඇගයීම සහ ජයග්‍රාහකයින්ට ත්‍යාග, සහතික පත්, කුසලාන සහ උපහාර පිදීම සඳහා පැවැත්වෙන එම ජාතික මහෝත්සවය සාර්ථක කර ගැනීම සඳහා වූ මූලික සාකච්ඡා වටයේ දෙවන සාකච්ඡාව 25 දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන් සහ ආගමික කටයුතු හා සදාචාරවර්ධන ඇමැති පණ්ඩු බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා අත්තනගල්ල ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති පන්නිල ආනන්ද නාහිමි, ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සීදුවේ සුමනවංශ හිමි තෝරපිටියේ ආනන්ද හිමියන් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාවලවල බෞද්ධ කටයුතු සමායෝජක හිමිවරුන්ද බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රපේ‍්‍රම ගමගේ ,බෞද්ධ කටයුතු සහකාර කොමසාරිස් සිරිසේන තුඹුවගේ , ආගමික කටයුතු අමාත්‍ය ලේකම්. යූ.කේ. ගුණවර්ධන ,ගම්පහ සහකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස්ලි සරත් එදිරිසූරිය, සහ ගම්පහ දිසාපති පී.ඒ. අබේසේකර මහතා සහ ප්‍රාදේශීය ලේකම්වරු, සහ ප්‍රාදේශීය සභා සභාපතිවරු රාශියක් සහභාගි වුහ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.