Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධ ගී පද රචනා සහ බොදු ගීත ගායනා තරගයක්

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන සමස්ත ලංකා බොදු ගී රසික සංසදය සංවිධානය කරනු ලබන බෞද්ධ ගීත පද රචනා සහ බොදු ගීත ගායනා තරගය සඳහා අයදුම් පත් කැඳවන බව එම සංසදය කියයි.

බොදු ගීත ගායනයට හැකියාවක් ඇති බස්නාහිර පළාතේ වෙසෙන ආධුනිකයිනට ළමා අංශය, යොවුන් අංශය, විවෘත අංශය යටතේ ගීත ගායනා තරගයට ඉදිරිපත් විය හැකි අතර, දීප ව්‍යාප්තව පැවැත්වෙන බොදු ගීත රචනා තරගයට පාසල් අංශය හා විවෘත අංශය යටතේ ඕනෑම අයෙකුට ඉදිරිපත් විය හැකිය. ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් මගින් ජයග්‍රාහකයින් තෝරා ගැනෙන අතර, දහස් ගණන් වටිනා ත්‍යාග, සහතික පත් සමරු ඵලක ප්‍රදානය කිරීමට නියමිත බවද කියයි.

වත්මන් සමාජයෙන් බැහැරව යන සිංහල බෞද්ධ ගීතය යළි සමාජගත කරමින් යහපත් බෞද්ධ සමාජයක් බිහි කිරීමේ අරමුණ පෙරදැරිව පැවැත්වෙන එම තරගාවලියට ඉදිරිපත් වීමට කැමති අයට තරග විස්තර පත්‍රිකා හා අයදුම් පත්‍ර ලිපිනය ලියූ දිග මුද්දර කවරයක්, ප්‍රචාරක නිලධාරි, රත්නසිරි පතිරාජ, සමස්ත ලංකා බොදු ගී රසික සංසදය, 23/1, කිඩගම්මුල්ල, ගම්පහ යන ලිපිනයට එවීමෙන් ගෙන්වා ගත හැකි අතර, දුරකථන අංක 033-2224210 ඇමතීමෙන්ද වැඩි විස්තර ලබා ගත හැකි බවද කියයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.