Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පියරතන නා හිමියන් පිළිගැනීමේ උළෙල 18 දා

හිඟුරක්ගොඩ ශ්‍රී සේනානායකාරාම මහා විහාරය ජයමග මහ පිරිවෙන් විහාරාධිපති පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂක ශාස්ත්‍රපති කටුගම්පලගම පියරතන හිමියන් වෙත පොළොන්නරුව තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිළිබඳව ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම මහනුවර මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධ රක්ඛිත මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 17 වැනිදා අස්ගිරි මහා විහාර උපෝෂථාගාරයේදී පැවැත්විණි.

පියරතන හිමියන් පිළිගැනීමේ උත්සවයක් සැප්තැම්බර් 18 වැනිදා සවස 1.30 ට ඓතිහාසික මහියංගන රජ මහා විහාරාධිපති ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මාන්ද අත්ථදස්ස්‍යාභිධාන නා හිමියන් සහ කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් හිඟුරක්ගොඩ මහසෙන් මන්දිරයේදී පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.