Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කිරිවෙහෙර වන්දනා පින්කමක්

කතරගම කිරිවෙහෙර අබියසදී කිරිවෙහෙර මහ සෑ වන්දනා පින්කමක් මෙම 19, 20,21 යන දිනයන්හිදී පැවැත්වේ.

මෙම 19 වනදා හතරැස් කොටුවේ සිට පේසා වළල්ල දක්වා ආශීර්වාද බෞද්ධ කොඩි 28 ක් ද සවස 6 ට අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා මුතුකුඩ, අටපිරිකර, මල් ඖෂධ, සහ සුවඳ පූජාද රාතී‍්‍ර 10 ට දම්සක් පැවතුම් සූත්‍ර සජ්ඣායනයද 20 වනදා කිරි ආහාර අටවිසි බුද්ධ පූජාවද දවල් මුරුතැන් දානයද අනතුරුව සංඝගත දක්ෂිණාවද සවස 4 ට අෂ්ඨ ඵල බෝධීන් වහන්සේ අසල බෝධිපූජාවද 21 වනදා උදෑසන 8 ට කිරිඅම්මාවරුන් 100 ක් උදෙසා දානයද පිරිනැමෙන බව ගම්පහ කීර්ති මහ ලේකම් මහතා කියයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.