අනුරපුර දී පින්කමක් 20 -21 
			වෝල්ටර් දයාරත්න - අනුරාධපුර දිසා විශේෂ 
			
			 
			“සුදුවතින් සැරසෙමු , සුදු මල් පූජා කරමු , කළගුණ සළකමු “ යන තේමාව 
			පසුබිම් කරගෙන සැප්තැම්බර් 20 -21 දිනවලදී අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ 
			සමිඳුන් අබියසදී සහ ස්වර්ණමාලි මහ සෑ රදුන් අබියස දී පින්කමක් 
			පැවැත්වේ. අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි සහ 
			ස්වර්ණමාලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි 
			එම පුණ්‍යෙීත්සවය අනුරාධපුර ශ්‍රාවස්තිපුර වෙහෙර බැන්ද කුටිය රජමහ 
			විහාරාධිපති වැලිසර ජිනවංශ තිස්ස හිමියන් ප්‍රධාන කාර්ය මණ්ඩලය මගින් 
			සංවිධානය කර ඇත. සැප්තැම්බර් 20 වන දින අනුරාධපුර රුවන්මැලි සෑරදුන් 
			වෙත දවල් බුද්ධපූජාව පවත්වා පෙරවරු 11.00 ට මහා සංඝරත්නය විෂයෙහි 
			සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමේ. ළමා නිවාසවලින් හඳුනාගත් දරු 
			දැරියන් දහසකට දිවා ආහාරය ලබා දෙන අතර පැමිණි සියලුම දෙනාට ද දිවා 
			ආහාරය ලබා දීමට සංවිධානය කර ඇත. මෙදින පස්වරු 1.00 සිට කප්රුක් , 
			සිවුරු , පිරිකර සහිත මහා පෙරහර මහ බෝ සෙවන දක්වා ගමන් කරනු ඇත. මෙදින 
			පස්වරු 3.15 ට රුවන්මැලි සෑ රඳුන් වෙතට කප්රුක්, සිවුරු හා සුදුමල් 
			පූජාවන් පැවැත්වේ. පසුවරු 3.45 ට පුණ්‍යානුමෝදනා ධර්ම දේශනාව බණ්ඩාරවෙල 
			අමිතානන්ද හිමියන් විසින් ද අනතුරුව පස්වරු 4.45 ට ළමා නිවාස දරුවන් 
			200 කට ඇඳුම් හා අභ්‍යාස පොත් පරිත්‍යාග කිරීමද සිදුවේ. අනතුරුව 5.45 ට 
			පුණ්‍යානුමෝදනය හාරිස්පත්තුවේ අරියවංශාංලාකර නා හිමියන් විසිනි. ර 
			ාත්‍රි 7.00 සිට 7.15 දක්වා කාලය තුළ කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනා 
			කිරීම සිදුකෙරේ.  |