Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුරාධපුර බුද්ධගයා පෙරහර

ඓතිහාසික අනුරාධපුර බුද්ධගයා මහා පෙරහර හතළිස් අටවෙනි (48) වතාවටත් මෙම සැප්තැම්බර් 17 දින රාත්‍රී මහත් අභිමානයෙන් හා අත්‍යාලංකාරයෙන් පැවැත්වේ. කඩ 50 බුද්ධගයා මාවත ශ්‍රීමත් අනගාරික ධර්මපාල බෞද්ධ මධ්‍යස්ථානයේ අධිපති, ශාස්ත්‍රපති කිතුල්හිටියාවේ ධම්මරතන නා හිමියන්ගේ අනුශාසනා මත ප්‍රධාන සංවිධායක කේ. අබේසුන්දර මහතා ඇතුළු බෞද්ධ මධ්‍යස්ථාන දායක සභාව මඟින් එම පෙරහර සංවිධානය කරනු ලැබේ.

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් ඇතුළු ජාතික විරුවන් සැමරීම වෙනුවෙන් පැවැත්වෙන පෙරහර සැප් (17) වනදා රාත්‍රී 7.00 බුද්ධගයා මාවතේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල බෞද්ධ, විහාරස්ථානයෙන් ආරම්භ කර කඩ 50 පෙදෙස, මහ රෝහල්වට රවුම පසුකර උසාවි වටරවුමෙන් වමට හැරී ගොඩගේ මාවත ඔස්සේ පී‍්‍රමන් මාවතට පැමිණ ඉදිරියට ගමන් කර මයිලගස්හන්දිය පසුකර බුද්ධගයා විහාරස්ථානයට ගෙවදීමෙන් අවසන් කෙරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.