Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජය ශ්‍රී මහා බෝධි විහාරයේ නව ප්‍රාකාරය

අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදල මගින් රුපියල් හාර කෝටියක වියදමින් ඉදිකරවන ලද ජය ශ්‍රී මහා බෝධි විහාර ප්‍රාකාරයේ ඡායාරූප කීපයක් මෙහි පළවේ. සියවස් ගණනාවක් තිස්සේ ජය ශ්‍රී මහා බෝධි විහාර මන්දිරයට ආරක්ෂාව සැලසූ විහාර ප්‍රාකාරය කාලයාගේ ඇවෑමෙන් ජරාවාස වී තිබුණු හෙයින් තැනූ අලංකාර පවුරකින්ද සකලාංග සම්පූර්ණ පිය ගැට පෙළ පහකින්ද පිරිපුන් ශෛලමය නව විහාර ප්‍රාකාරයේ ඡායාරූප ඒ අතර වේ.

අනුරාධපුර යුගයේ වාස්තු විද්‍යාත්මක සහ මූර්ති ශිල්පීය ක්‍රම අනුව යමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතේ වාස්තු විද්‍යාත්මක සැලසුම් සකස් කර ඉදිකිරීමේ කටයුතු මෙහෙයවූයේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගිනි. විහාර ප්‍රාකාරයට සහ ඊට අනුබද්ධ පිය ගැට පෙළ පහට අවශ්‍ය මුරගල් ,සඳකඩ පහණ්, කොරවක්ගල්, කැටයම් කළ ගල්පඩි, පුන්කලස් ස්ථම්භ , පුන්කලස් , පැතිගල්, මුහුණත්ගල්, බොරදම්ගල් ආදි සියලු ශෛලමය නිර්මාණ මිනුවන්ගොඩ ස්ටාර් ග්‍රැනයිට් ආයතනය මගින් කලාත්මකව සහ අලංකාරව නිපදවන ලද බව ජයශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදල කියයි.

මැලිමළුවේ සිට විහාර මළුවට පිවිසෙන පියගැට පෙළ තුන විහාර මළුවේ සිට දේවාල මළුවට පිවිසෙන පියගැට පෙළ දෙක සහ විහාර මන්දිරය වටා ඉදිකරවූ විහාර ප්‍රාකාරයද මෙම ඡායාරූපවලින් දිස්වේ.

එමෙන්ම ඉපැරැණි විහාර මන්දිරය පිළිසකර කර රන්වන් උඩුවියනකින් සරසන ලදී. විහාරගෙය ඉදිරිපස අලංකාර පහන් ගෙවල් දෙකක් ඉදිකරවන ලදී.

එමෙන් මහා ගල් ප්‍රාකාරය සංරක්ෂණය කිරීම සහ මහා විහාර ආරාමය ඉදිකිරීම සඳහා විශාල මුදලක් අවශ්‍යව ඇති හෙයින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදලට කරනු ලබන සියලුම මුදල් පරිත්‍යාග එම අරමුදලට හෝ කොළඹ 2 මහජන බැංකුවේ මූලස්ථාන ශාඛාවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදල ගිණුමට බැරකරන මෙන්ද එම සංවර්ධන අරමුදලේ සභාපති කේ.එච්.ජේ. විජයදාස මහතා ඉල්ලීමක් කරයි.


ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, විහාර ප්‍රාකාරය, බෝධි ප්‍රාකාරය, උඩමළුවේ පළමු සහ දෙවන රන්වැට


විහාර ප්‍රාකාරය , පහන් ගෙය, විහාර මන්දිරය සහ බෝධි ප්‍රාකාරය


විහාර මළුවේ සිට දේවාල මළුවට පිවිසෙන දකුණු පියගැට පෙළ


විහාර මළුවේ සිටදේවාල මළුවට පිවිසෙන උතුරු පිය ගැට පෙළ .

වැලිමළුවේ සිට

විහාර මළුවට පිවිසෙන

දකුණු පියගැට පෙළ

 

 

 

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.