Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බිනර පෝදා පින්කම්

කළුතර බෝධියේ පෝදා පින්කම්

2009 වර්ෂයේ “බිනර” මස 04 වෙනි දිනට යෙදෙන පෝය දින කළුතර බෝධි භාරකාර මණ්ඩලය මගින් කළුතර බෝධි පරිශ්‍රයේ පවත්වනු ලබන ආගමික වැඩ සටහන් මාලාව

පෙ: ව:- 6.30 – 7.30 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව (මෙහෙයවීම, හල්වතුරේ අස්සජී හිමි) , 8 – 9 භාවනාව (මෙහෙයවීම : පාදුක්කේ සද්ධාධජ හිමි) , 9.15 – 11.15 ධර්ම දේශනය (පිටිගල ගුණරත්න හිමි) , ප: ව: 1 – 2 ධර්ම දේශනය (කහගොල්ලේ සෝමවංශ හිමි) , 3.15-4.30 ධර්ම දේශනය (මිරිස්සේ ධම්මික හිමි) , 4.45 – 6.30 ධර්ම දේශනය (කාව්‍යමය) (පොල්ගහපිටියේ සුගතානන්ද හිමි) 7.15 – 8.15 ධර්මාචාර්ය ගාල්ලේ කේ. පරණවිතාන මහතාගේ නව අරහාදී පහන් පූජාව


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ බිනර පෝදා පැවැත්වෙන වැඩිහිටි සීල සමාදාන පින්කම මෙසේ ය. පෝදා පෙරවරු 6 – 7 සීල සමාදානය, අනුශාසනාව හා බුද්ධපූජාව පණ්ඩිත ගබ්වෙල වජිර හිමි, 8 – 9 භාවනාව, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 9 – 10 ධර්ම දේශනාව කැලණිය විශ්වවිද්‍යාලයයේ කථිකාචාර්ය මල්වානේ චන්දරතන හිමි, 10 – 11 අභිධර්ම කථාව - අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා, 11 – 11.15 බුද්ධ පූජාව, කණංකේ ධම්මික හිමි, බංග්ලාදේශයේ සංඝරක්ඛිත හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා 12.30 – 1 පිරිත් හා තෙරුවන් ගුණ මකුලේමඩ සිරිනන්ද හිමි, ගල්කිස්සේ සෝමානන්ද හිමි, 1 – 2 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 2 – 3 ධර්මදේශනාව, මහරගම ජනාධිපති විද්‍යාලයයේ ආචාර්ය කිරම රාහුල හිමි, 3.45 ධර්ම දේශනාව, රත්මලාන මල්ලිකාරාමාධිපති වැලිගම ශ්‍රී ඤාණරතන මහ නාහිමි, 4 – 5 ධර්ම දේශනවා, ශාස්ත්‍රපති පණ්ඩිත යටිරාවණ ධම්මාරාම හිමි, 5 – 6 ධම්මපදය, ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6 .00 – 6.30 බෝධි පූජාව හා සිල්පවාරණය ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන වැඩසටහන

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ දී පැවැත්වෙන බිනර පෝදා තරුණසීල සමාදාන වැඩසටහන මෙසේ ය. පෝදා පෙරවරු 6 - 7 සිල් සමාදන් කරවිම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 8 – 9 භාවනාව පණ්ඩිත හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 9 – 10 විශේෂ දේශනය, විශේෂඥ වෛද්‍ය කණිෂ්ක කරුණාරත්න මහතා, 10 – 11.15 පරෝපකාර සංග්‍රහය, අනුශාසනාව හා බුද්ධ පූජාව, ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදනය හා පුණ්‍යානුමෝදනාව, 12.30 – 1 පිරිත් හා තෙරුවන් ගුණ අම්පිටියේ සද්ධාවාස හිමි, 1 – 2 ධර්ම සාකච්ඡාව, ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2 – 3 ධර්ම දේශනාව, කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටකාචාර්ය ඇඹිලිපිටියේ ආනන්ද නාහිමි, 3 – 4 ධර්මදේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත වලපනේ ඤාණසේන හිමි, 4.15 – 5 ධම්ම පදය පණ්ඩිත ගම්බෙල වජිර හිමි, 5 – 6 ධර්ම දේශනාව ලග්ගල අසම හිමි, 6 – 6.30 බෝධි පූජාව මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි.


කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාම විහාරස්ථානයේ දී බිනර පුර පසළොස්වක පොහෝදා විහාරාධිපති හල්පිට හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක තලල්ලේ සිරි මහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධානයකත්වයෙන් සීල, භාවනා, ධර්මදේශනා පින්කම් මාලාවක් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 6.00 – 06.30 සීල සමාදානය හා කෙටි අනුශාසනාව මෙහෙයවීම විහාරාධිකාරී ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 7 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8 – 9 රජවත්තේ වප්ප හිමි මෙහෙයවන භාවනා වැඩසටහන, 9.15 – 10.15 ධර්මදේශනාව ගැට්ටුවානේ සුමේධ හිමි, 10.15 – 11 දවල් ආහාර සම්බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12.30 – 12.45 සෙත් පිරිත් සජ්ඣායනාව විමලදාස පෙරේරා උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන්, 1 – 2 විහාරස්ථ උපාසක උපාසිකා මාසික රැස්වීම තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන්, 2 – 2.45 භාවනා වැඩ සටහන මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 3.15 – 4.15 දහම් දෙසුම ශාස්ත්‍රපති කොස්ගොඩ චන්ද්‍රජෝති හිමි, 4.30 – 5.30 දහම් දෙසුම සේරු නුවර බෝධිතිස්ස හිමි, 6.00 ට සිල් පවාරණය තලල්ලේ මහින්ද නාහිමි, මෙහෙයවයි. 7.00 – 7.30 මල් පහන් ගිලන්පස සම්බුද්ධ පූජාව කෙසෙල් පොත සුමනවංස හිමි, රාත්‍රී ධර්ම දේශනාව 7.45 – 8.45 ශ්‍රී ලංකා විද්‍යාලීය පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති, මඩවල ධම්මික ජිනවංස හිමි.


වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරයේ දී බිනර පෝදා සීල සමාදාන වැඩසටහන මෙසේ ය. 6 – 7 සීල සමාදානය අනුශාසනාව හා භාවනාව මහරගම මහින්ද හිමි, 8 – 9 ධර්ම දේශනාව මැදගොඩ අභයතිස්ස හිමි, 9 – 10 රූපවාහිණී ධර්ම දේශනාව, 10 – 11 ආරාධිත දේශනය මහාචාර්ය ඔලිවර් අබේනායක මහතා 11 – 12 ආහාර බුද්ධ පූජාව පස්වරු 12.30 –1 පිරිත් සජ්ඣායනය 1 – 2 භාවනාව ගාමිණී පි‍්‍රයන්ත මයා, 3 – 4 ධර්ම දේශනාව කඹුරුගමුවේ මහානාග හිමි, 4 – 5 ධර්ම දේශනය යටිගල පඤ්ඤාසාර හිමි, 5 – 5.30 බුද්ධ පූජාව හා සිල් පවාරණය.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

“බිනර” පුර පසළොස්වක පොහෝ දින කැලණි තරුණ බෞද්ධ සමිතිය මඟින් පවත්වනු ලබන පින්කම් මාලාවේ වැඩසටහන මෙසේ ය.පෝදා පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම, ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 භාවනා වැඩසටහන බුද්ධයාගම ධම්මසේන හිමි, 9.15 ධර්ම දේශනය, 10.30 බුද්ධ පූජාව, පස්වරු 1.00 ධර්ම සාකච්ඡාව, 2.15 ධර්ම දේශනය, 4.15 ධර්ම දේශනය, ශාස්ත්‍රපති කන්දේගම නාරද හිමි, 5.15 ධර්ම දේශනය මාගම්මන විමලකින්ති හිමි, 6.00 බුද්ධ පූජාව සිල් පවාරණය.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර සංඝමිත්තාරාමයේ දී බිනර පුන් පොහෝ දින අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් බෝගොඩ ඉන්ද්‍රවිමල හිමියන් විසින් පවත්වනු ලබන අතර පෙරවරු 6 පස්වරු 6 දක්වා සීල භාවනා, ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8 – 9 දක්වා මීගොඩ උත්තරා දසසිල් මාතාව පවත්වන ධර්ම දේශනයක්ද, පෙරවරු 9 – 11 දක්වා රත්මලේ සුමනසාර හිමියන් විසින් පවත්වන ධර්ම දේශනය සහ මෙහෙයවන භාවනා වැඩසටහනක් ද වේ. 11 දවල් බුද්ධ පූජාව පැවැත්වේ. පස්වරු 12.30 – 1.00 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 3.00 හිටපු භාරකාර තැන්පත් යූ. මාපා මහතා පවත්වන දේශනය සහ මෙහෙයවන සක්මන් භාවනා වැඩසටහන 3 – 5 වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා මෙහෙයවන ධර්ම සාකච්ඡාවෙන් අනතුරුව 5 – 5.30 දක්වා තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදුකෙරේ. සවස 6 ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලබයි.


බොරැල්ලේ ගෝතමී විහාරය

බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරස්ථානයේදී බිනර පොහොය නිමිත්තෙන් මාසිකව සිදු කරනු ලබන සීල සමාදානය මෙවරද විහාරස්ථ දායක සභාව සහ ආර්ය මහිලා සමිතිය මෙහෙයවීමෙන් පැවැත්වේ. පෙරවරු 6.00 සීල සමාදානය හා තෙරුවන් ගුණ භාවනාව තෙල්වත්තේ අචලනාග හිමි 8.15 භාවනාව ආටිගල අමිතදේව හිමි 9.45 බුදුසරණ පුවත්පත බෙදාදීම හසිත දිය බලනගේ තිලංක දියබලනගේ සොහොයුරන් 10.00 ධර්මදේශනාව වෙරළුගොල්ලේ උදයනන්ද හිමි, පස්වරු 1.30 ධර්මදේශනාව අධිකාරගම ශාන්ත සුමන හිමි, 3.00 ධර්මදේශනාව කටුගහ පියදස්සී හිමි, 4.30 ධර්ම සාකච්ඡාව ආටිගල අමිතදේව හිමි සවස 6.00 ට අටවිසි බුද්ධපූජාව දොළොස්බාගේ සාන්තනාග හිමියන් විසින් සිදුකරනු ලැබේ.


මාතර බිනර මහ පෙරහර පෝදා

2002 වර්ෂයේ සිට වාර්ෂිකව මාතර නගරයේ වීථි සංචාරය කෙරෙන බිනර මහා පෙරහර පුරපසළොස්වක පොහොය දින මාතර ඓතිහාසික බෝධිරාජයා අසලින් ආරම්භ කෙරේ. මෙම පෙරහර සම්බුදු මාලිගා පෙරහර, බිනර පෙරහර, විෂ්ණු දේවාල පෙරහර සහ කතරගම පෙරහර වශයෙන් කොටස් හතරකින් සමන්විත වන අතර අලි ඇතුන්, උඩරට, පහතරට, සබරගමු ආදී වශයෙන් යුත් නැටුම් කණ්ඩායම් 40 ක් පෙරහරේ ගමන් කරති.

මාතර බෝධිරාජයාණන් වහන්සේ අබියසින් සැප්තැම්බර් මස 04 දින රාත්‍රී 7 ට ආරම්භ කෙරෙන පෙරහර ධර්මපාල මාවත දිගේ ගමන් කොට අකුරැස්පාර හරහා මාතර මන්තින්ද පිරිවෙන් විද්‍යායතනය කරා ගමන් කරනවා ඇත. පිරිවෙන් සිසු සිසුවියන් 3000 පෙරහරේ ගමන් කිරීමද විශේෂත්වයකි.

පෙරහර සංවිධානය කරනු ලබන්නේ දායක සභාව, මාතර බිනර පෙරහර සංවිධායක කමිටුව විසිනි. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, මාතර බෝධි ආරක්‍ෂක සභාව මාතර සියලුම රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන, මාතර ව්‍යාපාරික සභාව, මාතර මහා මත්තින්ද පිරිවෙන් විද්‍යාතනය, මහා මන්තින්ද නීතිගත විද්‍යාරක්‍ෂක සභාව, ධර්ම ශක්ති තරුණ පදනම, සුධර්මා උපාසිකා සමිතිය, අනුරබාලිකා විද්‍යාලය, මහා මත්තින්ද බෞද්ධ සංගමය ආදී සියලුම ආයතන හා සංවිධාන වල නොමසුරු සහයෝගය ලැබී ඇතැයි පෙරහරේ නිර්මාර්තෘ, දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ගැටමාන්නේ ධම්මකිත්ති නාහිමියෝ පැවසූහ.


පනාගොඩ කොම්පෙයාහේන භාවනා මධ්‍යස්ථානයේ ආගමික වැඩසටහනක්

6.30 සිට 7.15 - සිල්සමාදන් කිරීම , බුද්ධ වන්දනාව විහාරාධිපති කළුතර සරද හිමි, 7.15 - 8.00 උදේ දානය පිරිනැමීම, පිං අනුමෝදනාව , 8.00 සිට 9.45 භාවනාව ප්‍රවීණ ධර්ම කථික , ශ්‍රී කවිධජ භාවනා මධ්‍යස්ථානයේ භාවනානුයෝගී, පන්නිපිටිය , ඇරැව්වල , රත්මල්දෙණියේ සරත් ගල්ගමුව මහතා, 10.00 සිට 11.00 ධර්මදේශනය - මහරගම , ගොඩිගමුව, නීලම්මහර පාරේ, ශ්‍රී සද්ධර්මාරාම විහාරවාසී , මහරගම බුවනෙකබා මහා විද්‍යාලයේ ධර්මාචාර්ය පල්ලාවෙල වප්ප හිමි, 11.00 - 1.00 - බුද්ධ වන්දනාව, දහවල් දානය පින් අනුමෝදනාව, 1.00 සිට 2.00 - දායක සභා රැස්වීම/ පිරිත් ධර්මය දේශනා කිරීම, 2.00 - 3.00 ධර්මදේශනය , පොල්ගස්ඕවිට , සුධර්මාරාම විහාරවාසී නීතිවේදී ශාස්ත්‍රපති පූජ්‍ය පිටවල උපාලි හිමි, 3.15 - 4.15 - ධර්ම දේශනය රත්නපුර ඓතිහාසික පොත්ගුල් රජමහ විහාරස්ථ ශ්‍රී රතනපාල ධර්මායතනයේ ආචාර්ය වත්තල, හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාම විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය නිකවැව නාගිත හිමි, 4.15 - 5.15 - ධර්ම දේශනය නියඳගල , පන්නිපිටිය ශ්‍රී පුෂ්පාරාම විහාරවාසී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්‍ෂක පූජ්‍ය ඉද්දමල්ගොඩ ගුණාලංකාර හිමි, 5.30 සිට 6.30 - බෝධි පූජාව සහ සිල්පවාරණය


මාතර උයන්වත්ත වාලුකාරාම මහා විහාරය

පෙ.ව. 6.30 ට සිල් සමාදන් කරවීම,, ‘සද්ධාරාම කීර්ති ශ්‍රී’ පූජ්‍ය කරගොඩ උයන්ගොඩ රතනජෝති මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි ආරම්භ කෙරේ. පෙ.ව. 7.00 ට බුද්ධ පූජා වන්දනාව පූජ්‍ය බෙංගමුවේ චන්ද්‍රරතන හිමිපාණෝ, පෙ.ව. 7.30 ට උදේ දානය පෙ.ව. 8.00 ට ගුවන්විදුලි ධර්ම දේශනාව, පෙ.ව. 10.30ට බුද්ධ පූජා වන්දනාව පූජ්‍ය මොරවක ධම්මරතන හිමිපාණෝ, පෙ.ව. 11.30ට දහවල් දානය, ප.ව. 1.00 පොඩි ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන සෙත් පිරිස් සජ්ඣායනාව, ප.ව. 2.00 ට ධර්ම සාකච්ඡාව පූජ්‍ය ඇත්බටුවේ සමිත හිමිපාණෝ ප.ව. 3.30 ට සිල් පිරිසට ගිලන්පස පිරිනැමීම, ප.ව. 4.00 ට විශේෂ ධර්ම දේශනාව පූජ්‍ය රොටුඹ සෝමරතන හිමිපාණෝ ප.ව. 6.00 ට සිල් පවාරණය, ප.ව. 7.00 ට අටවිසි බුද්ධ පූජාව පූජ්‍ය බෙංගමුවේ චන්ද්‍රරතන හිමිපාණෝ.


අරංගල ශ්‍රී ශෛලාරාමයේ පින්කම් රැසක්

උතුරු හෝකන්දර අරංගල ශ්‍රී ශෛලාරාම විහාරස්ථානයේ නිකිණිපුර පස්ළොස්වක පොහෝදා, (04) විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයෙහි කථිකාචාර්ය, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ඇත්කඳුරේ සුමනසාර මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ සීල භාවනා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වෙන විශේෂ පිංකම් මාලාව මෙසේය.

පෙරවරු - 5.45 - 6.30 විශේෂ පිණ්ඩපාත චාරිකාව, 6.30 – 7.30 සිල් සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව හා කෙටි අනුශාසනාව - කථිකාචාර්ය ඇත්කඳුරේ සුමනසාර මාහිමි, 8.30 - 9.30 ජාතක දේශනා විමර්ශනය - අඹගස්ආරේ කමලසිරි හිමි, 9.45 - 10.45 ධර්ම දේශනාව වනවාසල පදුම හිමි 11.00 - 11.30 දහවල් ආහාර බුද්ධ පූජාව - විහාරාධිකාරි බදුල්ලේ සුමංගල හිමි.

පස්වරු - 1.00 - 2.00 සෙත් පිරිත් සජ්ඣායනාව සහ දහම් පොත් බෙදාදීම , 2.00 - 3.00 විශේෂ භාවනා වැඩසටහන සහ අභිධර්ම පන්තිය - කථිකාචාර්ය ඇත්කඳුරේ සුමනසාර මාහිමි, 3.15 - 4.15 ධම්මපද විමර්ශනය - ඇකිරියේ ඤාණසුමන හිමි, 4.30 - 5.30 විශේෂ ධර්ම දේශනාව - ශාස්ත්‍රපති මඩවල ධම්මික ජිනවංශ මාහිමි, සවස 6.30 - 7.30 විශේෂ ආශිර්වාද පූජාව, මාඑළියේ සුදස්සී හිමි (බිනර මාසයේ මාසික විශේෂ භාවනා වැඩසටහන 2009 සැප්තැම්බර් මස 12 වන සෙනසුරාදා පෙරවරු 8.00 සිට පැවැත්වේ)


මාතර තරුණ බෞද්ධ සමිතියේ 511 වන පුන් පෝ දින පින්කම

පෙ.ව. 6.30 ට උවසු උවැසියන් සීල සමාදන් කරවීම, බුද්ධ පූජා වන්දනාව ශාස්ත්‍රවේදී දෙහිගස්පේ සිරිවිමල හිමිපාණෝ, පෙ.ව. 8.00 බුදුගුණ වන්දනාව, පැළෑනේ සුවිනීත හිමිපාණෝ, පෙ.ව. 9.30 ට විදර්ශනා මාර්ගය කම්මට්ඨානාචාරිනී චන්ද්‍රා රණතුංග මාතාව, පෙ.ව. 10.30 බුද්ධ පූජා වන්දනාව - වලස්ගල පඤ්ඤාසිරි හිමිපාණෝ, ප.ව. 1.00 රණවිරුවන්ට සෙත් පතා සෙත්පිරිත් සජ්ඣයනාව - ඌරුමුත්තේ සිරි සෝමරතන නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි පෙ.ව. 2.00 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම - මාතර සදහම් සිසිල බොදු එකමුතුව සංවිධායක බන්දුල උදයකුමාර මහතා, ප.ව. 4.00 ධර්මදේශනය - වැලිපිටියේ විමල හිමිපාණෝ, ප.ව. 5.00 සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාත්මක ධර්ම දේශනය - ශාස්ත්‍රවේදී දෙහිගස්පේ පේමසිරි හිමිපාණෝ


මාතර සිරිමංගල පිරිවෙන් විහාරය

පෙ.ව. 6.00 ට සීල සමාදානය සහ අනුශාසනාව පූජ්‍ය පණ්ඩිත වලස්ගල පුණ්‍යජි මයුරවංශ මහා හිමිගේ අනුශාසනා පරිදි ආරම්භ වේ. පෙ.ව. 6.30 ට බුද්ධ පූජා වන්දනාව පූජ්‍ය ශාස්ත්‍රවේදී බලංගොඩ සාන්තසිරි හිමිපාණෝ, පෙ.ව. 8.30ට ධර්ම දේශනාව පූජ්‍ය කුඩාගොඩ ඤාණවංශ හිමිපාණෝ, පෙ.ව. 10.30 ට බුද්ධ පූජා වන්දනාව පූජ්‍ය හොරපාවිට ධම්මිස්සර හිමිපාණෝ, ප.ව. 1.00 සෙත්පිරිත් සජ්ඣායනාව, ප.ව. 2.00 ධර්ම සාකච්ඡාව ත්‍රිපිටකවේදී පූජ්‍ය වලස්ගල පඤ්ඤාසිරි හිමිපාණෝ, ප.ව. 4.00ට ධර්ම දේශනාව පූජ්‍ය කැලණියේ අජිත හිමිපාණෝ, ප.ව. 5.00 ට සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව, රාත්‍රී 7.00 ට අටවිසි බුද්ධ වන්දනාව ශාස්ත්‍රවේදී පූජ්‍ය බලංගොඩ සාන්තසිරි හිමිපාණෝ.


මාගම්මන පුරාණ විහාරයේ පින්කම්

මාගම්මන පුරාණ මහා විහාරයේ බිනර පෝදා සීල සමාදාන වැඩසටහන මෙසේය.

5.15 - 5.45 කිරි ආහාර පූජාව හා අටවිසි බුද්ධ පූජාව. (කිරිවත්තුඩුවේ සරණකිත්ති හිමි), 6 - 6.45 සීල සමාදානය හා උදෑසන අනුශාසනාව (කොට්ටාවේ ධම්මානන්ද හිමි), 7.45 - 8.45 භාවනා වැඩසටහන (සරත් මුණසිංහ මහතා) 9.45 - 10.45 (උඩුදුම්බර ලංකානන්ද හිමි) 11.00 - 11.30 බුද්ධ පූජාව, තෙරුවන් නැමදීම හා පුණ්‍යානුමෝදනාව (රත්මලවැටියේ සීලවිමල හිමි)

පස්වරු 12.45 - 1.30 බුදුගුණ මෙනෙහි කරමින් සක්මන් කිරීම, (සරත් මුණසිංහ මහතා) 1.30 - 2.30 ධර්ම සාකච්ඡාව (මාඹුල්ගොඩ සුමනරතන හිමි) , 3.30 - 4.30 ධර්ම දේශනය (අගලකඩ සිරිසුමන හිමි), 4.45 - 5.30 භාවනා වැඩසටහන (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජයන්ත ජයසිරි මහතා) 5.45 - 7.15 සිල් පවාරණය, පහන් පූජාව බෝධි පූජාව හා පිරිත් සජ්ඣායනය (රත්මලවැටියේ සීලවිමල හිමි සහ කඩවත සමින්ද හිමි).


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.